ලිට්රෝ ගෑස් සමාගම සුරකිනවා කියා පැමිණි නඩේ : නඩු හකුළාගෙන ගෙදර යයි !

ලිට්රෝ ගෑස් සමාගම සුරකිනවා කියා පැමිණි නඩේ : නඩු හකුළාගෙන ගෙදර යයි !

ලිට්රෝ ගෑස් ලංකා සමාගම පුද්ගලීකරණය කිරීමට උත්සාහ දරන බව සඳහන් කරමින් ‘ලිට්රෝ සුරැකීමේ ජාතික එකමුතුව’ නමින් අභියාචනාධිකරණයේ ගොනුකර තිබූ නඩු 4ක් ඉල්ලා අස්කර ගැනීමට එම පාර්ශවයන් කටයුතු කර ඇත.

ඒ අදාළ නඩු අද (26) අභියාචනාධිකරණය හමුවේ අද කැඳවූ අවස්ථාවේය.

වාර්තා වන ආකාරයට එහිදී මුදල් අමාත්‍යංශය වෙනුවෙන් අදහස් දැක්වූ නීතිඥයින් සඳහන් කර ඇත්තේ ලිට්රෝ ගෑස් සමාගම විකිණීමට කැබිනට් පත්‍රයක් හෝ මෙමෝ සටහනක්වත් මුදල් අමාත්‍ය මංගල සමරවීර හෝ අමාත්‍යංශය පාර්ශවයෙන් ඉදිරිපත්කර නොමැති බවය.

එසේම ඊට අදාළ කිසිඳු ව්‍යාපෘති යෝජනාවක් හෝ අමාත්‍යවරයා අනුමත කර නොමැති බවත් ඔවුන් සඳහන් කර ඇත.

‘ලිට්රෝ සුරැකීමේ ජාතික එකමුතුව’ නමින් අභියාචනාධිකරණයේ ගොනුකර තිබූ නඩු ඉල්ලා අස්කර ගැනීමට කටයුතු කර ඇත්තේ ඒ අනුවය.

මේ පිළිබඳ වැඩිදුර අදහස් විමසීම සඳහා මුදල් අමාත්‍ය මංගල සමරවීර සම්බන්ධ කර ගැනීමට උත්සාහ කිරීමේදී අප වෙත ප්‍රතිචාර දැක්වූ අමාත්‍ය කාර්ය මණ්ඩල නිලධාරියකු සඳහන් කර සිටියේ ලාභ ලබන රාජ්‍ය ව්‍යාපාරය පෞද්ගලීකරණ ප‍්‍රයත්නයට විරෝධය දක්වන බව කියමින් ලිට්රෝ සුරැකීමේ ජාතික එකමුතුව නැටූ නාඩගම අවසන් වූ බවය.

සමාගමේ සේවකයන් කිහිපදෙනෙකු නොමග යවමින් අටවනු ලැබූ සංවිධානයක් හරහා මේ නඩු ගොනුකර තිබූ බවත් ඒ සියල්ල ආරම්භ වූයේ ලිට්රෝ ගෑස් සමාගමේ පැවති දූෂණ සහ අක්‍රමිකතා සම්බන්ධව මංගල සමරවීර අමාත්‍යවරයා මැදිහත්ව ඒ කටයුතු අඩපණ කිරීමට යාමේදී බවද ඔහු පැවසීය.

එසේම දුෂිතයින් කිහිපදෙනෙකු අතේ සල්ලන් වෙමින් පැවති අදාළ සමාගම මේ වන විට නව අධ්‍යක්ෂ මණ්ඩලයක් සමඟ ප්‍රබෝධමත් ගමනක් ආරම්භ කර ඇති බවත් වඩාත් ඵලදායි සහ කාර්යක්ෂම සේවයක් සමඟ ලාභ ලබන සමාගමක් බවට එය පත්කිරීමට අවශ්‍ය සැළසුම් සහිතව නව අධ්‍යක්ෂ මණ්ඩලය පිවිස සිටින බවද ඔහු අවධාරණය කළේය.

තනතුරු වරප්‍රසාද සහ වංචාවෙන් ලද කී දෑ අහිමිවීමෙදී එයින් යැපුණු උදවිය වෛරී ආකාරයට මඩ ප්‍රචාර අවලාද මෙන්ම නීතිය හමුවට යාම දැන් විලාසිතාවක් බවත් ඒ හමුවේ තම නිවැරදිය යන දැඩි විශ්වාසය ඇත්නම් අවසාන ප්‍රථිපලය මේ ආකාරයට ලැබෙන බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න