ජනාධිපතිවරණය කල් දැමීමේ සූදානමක් : චෝදනාව ජවිපෙන් !

ජනාධිපතිවරණය කල් දැමීමේ සූදානමක් : චෝදනාව ජවිපෙන් !

අධිකරණමය ක්‍රියාමාර්ගයකින් හෝ වෙනත් කිසිදු අයුරකින් ජනාධිපතිවරණය කල්දැමීමට ඉඩ නොදිය යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස පවසයි.

මහනුවර පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍යයට අඳහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කර ඇති අතර වත්මන් ව්‍යවස්ථාව අනුව, ජනාධිපතිවරණයක් කල් දැමිය නොහැකි බව මෙන්ම මේ වසරේ දෙසැම්බර් මස 08 වන දිනට පෙර නව ජනාධිපතිවරයෙක් පත්ව සිටිය යුතු බව ද කියා සිටියේය.

ඒ අනුව නොවැම්බර් මස 23 වන දින ජනාධිපතිවරණය පැවැත් වීමට බොහෝ දුරට ඉඩ කඩ ඇතැයි පැවසු නලින්ද ජයතිස්ස මන්ත්‍රීවරයා , ජනාධිපතිවරණය කල් දැමීමට වත්මන් ජනාධිපතිවරයාට කිසිදු අයිතියක් ව්‍යවස්ථාවෙන් හිමිව නැති බව ද පැවසීය.

ජනාධිපතිවරණය ජයගත හැකි විකල්ප පෙරමුණක අපේක්ෂකයෙක් බොහෝ විට ඉදිරිපත් විය හැකි බව ද සඳහන් කර සිටි මන්ත්‍රීවරයා , එක්සත් ජාතික පක්ෂය අතර හා පොහොට්ටුවේ මේ වන විට ජනාධිපති අපේක්ෂකයා පිළිබඳ විශාල මතභේදාත්මක තත්ත්වයක් නිර්මාණය වී ඇතැයි ද පැවසීය‍.

මහින්ද රාජපක්ෂට බැරිවුණ වැඩේ ඔහුගේ සහෝදරයෙකුට කල නොහැකි බව ද පැවසු මන්ත්‍රීවරයා, ජේ.ආර්.ජයවර්ධන ට කල නොහැකි වු වැඩේ ඔහුගේ බෑනාට සිදු කළ නොහැකි නම්, ප්‍රේමදාස මහතාගේ පුතා පැමිණියාට කල නොහැකි බව ද කියා සිටියේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න