ජනාධිපති අපේක්ෂකත්වයට පොහොට්ටුවේ නම් 5ක් යෝජනා වෙලා !

ජනාධිපති අපේක්ෂකත්වයට පොහොට්ටුවේ නම් 5ක් යෝජනා වෙලා !

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂකත්වයට නම් පහක් යෝජනා වී තිබෙන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා අනාවරණය කරයි.

අද (21) දහවල් ඇඹිලිපිටියේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසීය.

"මේ නම් පහෙන් සුදුසු නම තෝරා ගැනීමේ බලය පොදුජන පෙරමුණ නියෝජනය කරන පක්ෂ නායකයන්ගේ ඒකමතික තීන්දුවෙන් විපක්ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතාට බලය දුන්නා. දැන් ඒ නම් පහ මහින්ද රාජපක්‍ෂ මහතා අතේ තියනවා. සුදුසු නම තෝරලා අගොස්තු 11දා එතුමා ප‍්‍රසිද්ධ කරයි. රාජපක්‍ෂ නමකුත් ඒ අතර තියෙන්න පුළුවන්" යැයිද මන්ත්‍රීවරයා පැවසීය.

එහිදි වැඩිදුරටත් කරුණු දැක්වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජිත් සොයිසා මෙසේද පවසා සිටියේය.

අපි රනිල් අගමැතිතුමාට කියන්නේ එක්සත් ජාතික පක්‍ෂයේ ජනපති අපේක්‍ෂකයා තෝරන්න මහජන මුදල් හෝ වෙන මුදල් වැයකර තිරුපති යන්න එපා කියලයි. විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහත්තයා හමුවෙලා ඒ ක‍්‍රමය අහගන්න කියලා ආරධනා කරනවා’’

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න