සාෆි නඩුවේ - ගේම් ගොඩයි : විමර්ශන මෙහෙයවන ASP ඉවත්කරන්නැයි මහෙස්ත්‍රාත් දන්වයි !

සාෆි නඩුවේ - ගේම් ගොඩයි : විමර්ශන මෙහෙයවන ASP ඉවත්කරන්නැයි මහෙස්ත්‍රාත් දන්වයි !

ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටින වෛද්‍ය සෙයිගු ෂියාබ්දීන් මොහොමඩ් සාෆි සම්බන්ධයෙන් අධිකරණය ඉදිරියේ පැවැත්වෙන විමර්ශනය මෙහෙයවන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරී තිසේරා වහාම අදාල විමර්ශනයෙන් ඉවත්කර ඔහු සම්බන්ධයෙන් පරික්ෂයක් කරන්නැයි කුරුණෑගල ප්‍රධාන මහේස්ත්‍රාත් සම්පත් හේවාවසම් විසින් පොලිසියට දැනුම්දීමක් කර ඇතැයි පොලිස් මුලස්ථාන ආරංචිමාර්ග පවසයි.

කුරුණෑගල රෝහලේ අධ්‍යක්ෂවරයා විවෘත අධිකරණයේ දී සිදුකළ ප්‍රකාශය නඩු කාර්ය සටහන් වල ඇතුලත්ව නොතිබීම සම්බන්ධයෙන් සහකාර පොලිස් අධිකාරී තිසේරා අධිකරණය හමුවේ පසුගියදා කරුණු වාර්තා කල ආකාරයෙන් තමාගේ කිර්තිනාමයට බලවත් හානියක් සිදුව ඇතැයි පවසමින් මහේස්ත්‍රාත්වරයා එම දැනුම්දීම කර ඇතැයි පැවසේ.

මහේස්ත්‍රාත්වරයා තමන්ට යම් අසාධාරණයක් සිදුව ඇත්නම් ඒ පිළිබඳව අධිකරණ සේවා කොමිසමට පැමිණිලි නොකොට මෙසේ පොලිසියට බලපෑම් කර තිබේනම් එය බරපතල වරදක් බව නීති ක්ෂේත්‍රයේ ප්‍රවීණයකු පැවසිය.

රෝහලේ අධ්‍යක්ෂවරයා ඉතා වේගයෙන් සිය අදහස් දැක්වීම සිදුකළ හෙයින් එම ප්‍රකාශ නඩු කාර්ය සටහන් වලට ඇතුලත්ව නොමැතිබව මහේස්ත්‍රාත්වරයාගේ නිගමනය වී ඇතැයි පැවසේ. කෙසේවුවද වෛද්‍ය සාෆි වරදකරුවකු ලෙස හංවඩු ගසමින් සිටින 'දිවයින' පුවත්පත, රෝහලේ අධ්‍යක්ෂවරයා අධිකරණය හමුවේ කළ ප්‍රකාශය මුළුමනින්ම වාර්තා කර තිබිණ.

s1

මෙසේ රෝහලේ අධ්‍යක්ෂවරයාගේ ප්‍රකාශය නඩු කාර්ය සටහන්වලින් ඉවත්කර තිබීම බරපතල කාරණයක් බව මහේස්ත්‍රාත්වරයාට එරෙහිව අධිකරණ සේවා කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය පවසයි.

කුරුණෑගල ශික්ෂණ රෝහලේ ජ්‍යෙෂ්ඨ නේවාසික වෛද්‍ය සේගු ශිහබ්දීන් මොහමඩ් සාෆිගේ නඩුවේදී කුරුණෑගල මහේස්ත්‍රාත්වරයාගේ හැසිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් කරන ලෙස ඉල්ලමින් ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ජුලි මස18දා අධිකරණ සේවා කොමිෂන් සභාවට පැමිණිල්ලක් කළේය.

සාෆි සම්බන්ධ පැමිණිල්ල 2019 ජුනි 27 වැනිදා කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයේ දී කැඳවූ අවස්ථාවේ දී නඩුවේ පැමිණිලිකරුවකු, විත්තිකරු සහ අගතියට පත් පාර්ශ්වය නියෝජනය නොකරන කුරුණෑගල රෝහලේ අධ්‍යක්ෂවරයාට විවෘත අධිකරණයේ අදහස් දැක්වීමට මහේස්ත්‍රාත්වරයා අවස්ථාව දී ඇතැයි ද, එච්එස්ජී පරීක්ෂණය ගැන අදහස් දැක්වීමට ඔහු ප්‍රසව හා නාරිවේද විෂය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයකු නොවන බව ද, දන්ත වෛද්‍යවරයකු වන අධ්‍යක්ෂවරයා අධිකරණයේ දී දැක්වූ අදහස් නඩුවේ කාර්ය සටහන්වලින් ඉවත් කර ඇතැයි රහස් පොලිසිය වාර්තා කර ඇති බව ද තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය කළ පැමිණිල්ලේ දැක්වේ.

මේ මගින් පැමිණිලිකරුවන්ට, විත්තිකරුට සහ අගතියට පත්වීයැයි කියන පාර්ශ්වයට අගතියක් සිදුවිය හැකි බවත්, මහජනතාවට අධිකරණය ගැන විශ්වාසය පළුදු විය හැකි බවත් එම නිසා මේ ගැන නිසි විමර්ශනයක් සිදු කරන ලෙසත් එම සංගමය අධිකරණ සේවා කොමිෂන් සභාවෙන් ඉල්ලා තිබේ.

අගතියක් වීමට වැඩි ඉඩක් !

s3කුරුණෑගල පොලිසියේ අපරාධ විමර්ශන අංශයෙන් අත්අඩංගුවට ගනු ලැබූ සාෆි කුරුණෑගල රෝහලේ වෛද්‍යවරයකු බව ද, ඔහු සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන ලෙස උපදෙස් දී ඇතැයි කියන කුරුණෑගල නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතාගේ බිරිඳ ද එම රෝහලේම වෛද්‍යවරියක බව ද, වෛද්‍ය සාෆි රිමාන්ඩ් කරන ලෙස නියෝග කළ මහේස්ත්‍රාත්වරයාගේ බිරිඳද එම රෝහලේම වෛද්‍යවරියක බව ද ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය කළ පැමිණිල්ලේ සඳහන්වේ.

මෙහි විශේෂිතම කාරණය වන්නේ වෛද්‍ය සාෆිගේ බිරිඳ වන වෛද්‍ය නසීර් ෆාතිමා ඉමාරා ද කුරුණෑගල රෝහලේ වෛද්‍යවරියක වීමයි.

වැඩබලන IGP නීති විරෝධී නියෝගයක් ප්‍රතික්ෂේප කරයි

s2මේ අතර වෛද්‍ය සෙයිගු ෂියාබ්දීන් මොහොමඩ් සාෆිට එරෙහිව පවරා ඇති නඩුව පිළිබඳව සාධාරණ පරික්ෂයක් සඳහා වෙනත් පරීක්ෂණ කණ්ඩායමක් ඉල්ලා ජාතික පොලිස් කොමිසමේ සාමාජිකයෙකු විසින් කළ ඉල්ලීම වැඩ බලන පොලිස්පති චන්දන වික්‍රමරත්න විසින් තරයේ ප්‍රතික්ෂේප කර ඇත.

ජාතික පොලිස් කොමිසමේ සාමාජිකයෙකු ලෙස පසුගිය පෙබරවාරියේ පත් වූ හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු වන අශෝක විජේතිලක විසින් තම බලතල අතික්‍රමණය කරමින් කොමිසමටද නොදන්නවා වැඩ බලන පොලිස්පති චන්දන වික්‍රමරත්නට එම නියෝගය ලබාදී තිබිණ.

එම නියෝගය ප්‍රතික්ෂේප කරමින් වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න විසින් ජාතික පොලිස් කොමිසම් සභාවේ ලේකම්වරයා වෙත ජුලි 19දා යොමු කල ලිපිය පහත පළවේ.

s4

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න