ඩිලාන් ඇතුළු කණ්ඩායමක් : අගෝස්තු 11 පොහොට්ටුවේ බෞතීස්මයට සූදානම් !

ඩිලාන් ඇතුළු කණ්ඩායමක් : අගෝස්තු 11 පොහොට්ටුවේ බෞතීස්මයට සූදානම් !

අගෝස්තු 11 වනදා කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සමුළ වේදිකාවට ගොඩවී පොහොට්ටු බෞතීස්ම ලැබීමට එස්.බී දිසානායක , ඩිලාන් පෙරේරා යන මන්ත්‍රීවරුන්ගේ මූලිකත්වයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රබලයින් කිහිප දෙනකු සූදානමින් සිටින බව වාර්තා වෙයි.

මේ සඳහා වූ සාකච්ඡාවක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එස්.බි. දිසානායක, ඩිලාන් පෙරේරා අතර නෙළුම් මාවත පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේදී පැවති බව බැසිල් හිතවාදී වෙබ් අඩවියක් තහවුරු කරයි.

ඊට අනුව අගෝස්තු 11 පොහොට්ටු වේදිකාවට ගොඩ වීමට තමන් සූදානම් බව ඔවුන් බැසිල් රාජපක්ෂ වෙත දන්වා තිබේ.

එම සාකච්චාවට සහභාගී වී පිටව යන අවස්ථාවේ අනුර ප‍්‍රියදර්ශණ යාපා, පවිත‍්‍රා වන්නිආරච්චි යන් මන්ත‍්‍රීවරුන්ද මුණ ගැසී ඇති අතර ඔවුන්ද සුබ පැතුම් එක් කර ඇති බවත් එහි සදහන්ය.

ඩිලාන්ගේ අලුත් සූට් මැහිල්ල !

ඩිලාන් පෙරේරා මන්ත්‍රීවරයා පොහොට්ටු පාර්ශවයේ බදුල්ල දිස්ත්‍රික් නායකත්වය දෙස දැඩි අවධානයකින් පසුවීම සම්බන්ධව newstube දේශපාලන ආරංචිමාර්ග ඔස්සේ අනාවරණය කර සිටියේ 2019 මාර්තු මාසයේය.

එම පුවත පහත දැක්වෙයි.

වෙල්ගම බදුල්ලෙන් විසිවෙයි : ඩිලාන්ගේ සිහිනය ඉටුවෙයි ?

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න