වෙල්ගම බදුල්ලෙන් විසිවෙයි : ඩිලාන්ගේ සිහිනය ඉටුවෙයි ?

වෙල්ගම බදුල්ලෙන් විසිවෙයි : ඩිලාන්ගේ සිහිනය ඉටුවෙයි ?

පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බදුල්ල දිස්ත්‍රික් නායකත්වයෙන් ඉවත් කිරීමට එම පක්ෂ අභ්‍යන්තරයේ කුමන්ත්‍රණයක් දියත්ව ඇති බව වාර්තා වෙයි.

දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට එම පක්ෂයේ ගෝඨාභය පාර්ශවය විසින් මේ කුමන්ත්‍රණය දියත්කර ඇති අතර ඒ මන්ත්‍රීවරයා දිගින් දිගටම ගෝඨාභය විරෝධී ප්‍රතිපත්තියක සිට අදහස් දැක්වීම නිසාය.

මෙහිදී ගෝඨාභය පාර්ශවය අදාළ දේශපාලන කුමන්ත්‍රණයේ පළමු අදියර දියත්කර ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම සම්බන්ධයෙන් බදුල්ල සහ කළුතර දිස්ත්‍රික්ක දෙකෙන්ම පැමිණිලි රාශියක් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා වෙත ලැබී ඇති බවට පුවත් ප්‍රචාරය කරමින් වන බවද දැනගන්නට ඇත.

කෙසේ වුවත් දේශපාලන ආරංචිමාර්ග සඳහන් කර සිටින්නේ වෙල්ගම මන්ත්‍රීවරයා සහ මහින්ද රාජපක්ෂ අතර ඇති සමීප සම්බන්ධය හේතුවෙන් ඔහු ගැන තීන්දුවක් ගැනීම අපේක්ෂා කල නොහැකි බවය.

ඩිලාන් බදුල්ලේ නායකත්වයට අලුත් සූට් මහයි !

මේ අතර ඩිලාන් පෙරේරා මන්ත්‍රීවරයාද පොහොට්ටු පාර්ශවයේ බදුල්ල දිස්ත්‍රික් නායකත්වය ලබා ගැනීමේ අපේක්ෂාවෙන් සිටින බවත් ඒ සම්බන්ධව පොදුජන පෙරමුණේ ප්‍රබල ක්‍රියාකාරීන් කිහිපදෙනෙකුගෙන් සහය ඉල්ලා ඇති බවත් වාර්තා වෙයි.

මීට පෙර යහපාලන ආණ්ඩුවෙන් ඉවත්වූ ශ්‍රීලනිප 16 කණ්ඩායම පළමු වරට එවකට ඒකාබද්ධ විපක්ෂය සමඟ පැවැත්වූ සාකච්ඡා වලදීද ඩිලාන් පෙරේරා මන්ත්‍රීවරයා, කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා සමඟ බදුල්ල දිස්ත්‍රික් සම නායකත්වය හෝ ලබාදෙන ලෙස ඉල්ලීම් සිදුකල බවත් එම ආරංචිමාර්ග සිහිපත් කරයි. එහෙත් බදුල්ල දිස්ත්‍රික් පාක්ෂිකයන්ගේ දැඩි විරෝධය සහ වෙල්ගම මන්ත්‍රීවරයා එම අවස්ථාව ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් ඩිලාන් පෙරේරා මන්ත්‍රීවරයාට එම අවස්ථාව නොලැබුණ අතර පාක්ෂික විරෝධය හේතුවෙන් මෙවරද ඩිලාන් පෙරේරා මන්ත්‍රීවරයාට එම අවස්ථාව හිමිවෙතැයි විශ්වාස කල නොහැකි බවද එම ආරංචිමාර්ග සඳහන් කර සිටියි.

කෙසේ වුවත් ඩිලාන් පෙරේරා මන්ත්‍රීවරයා මේ වන විට ජාතික ගැටළුව සම්බන්ධව පවා තමන් මුලසිටි ස්ථාවරය වෙනස් කරමින් දැන් ජාතිවාදී ප්‍රකාශ නිකුත් කරන්නේ පොහොට්ටුවේ බදුල්ල දිස්ත්‍රික් නායකත්වය අපේක්ෂාවෙන් බවත් පෙනෙන්නට ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න