රනිල්ගේ උපන් දිනය දවසෙම : UNP පාක්ෂිකයා එයි !

රනිල්ගේ උපන් දිනය දවසෙම : UNP පාක්ෂිකයා එයි !

එක්සත් ජාතික පක්ෂයේ ක්‍රියාකාරකම්, ආණ්ඩු බලය උසුලන පක්ෂය ලෙස සංවර්ධන වැඩසහන් ජනගත කිරීම ආදී ගැටළු රැසකට විසඳුම් ලබාදෙමින් ආණ්ඩුවේ මතවාදය ජනතාවට ගෙනයාමටත් පාක්ෂික ජනතාව පක්ෂය දකින ආකාරය මැති ඇමතිවරුන් වෙත ගෙන ඒමටත් සක්‍රීයව ක්‍රියාත්මක සයිබර් යාන්ත්‍රණයක් ලෙස UNP පාක්ෂිකයා (www.unppakshikaya.com) වෙබ් අඩවිය ආරම්භ කිරීමට ඊට සම්බන්ධ එක්සත් ජාතික පාක්ෂික පිරිස තීරණයකොට ඇත.

ඒ අනුව එම පක්ෂ නායක, වත්මන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ජන්ම දිනය නිමිති කරගෙන සියලු මැති ඇමතිවරුන්ගේ මෙන්ම ගම මට්ටමේ බිම් මට්ටමේ පාක්ෂික ජනතාවගේ අදහස් හා යෝජනා එළිදක්වන සයිබර් බිත්තියක් බවටද මෙම වෙබ් අඩවිය ඉදිරියේදී පත්වනු ඇත.

එමගින් පක්ෂය, මැති ඇමතිවරුන් සහ පාක්ෂිකය ඇතුළු ජනතාව තුල හටගන්නා වූ දහසකුත් එකක් සැක සංකා දුරුකරලීම මෙහි මුඛ්‍ය පරමාර්ථය වනු ඇත.

දින 365ම මෙම වේ අඩවිය එසැණින් යාවත්කාලීන කොට ආණ්ඩුවේ මතය ජනතාවටත් ජනතාවගේ සැබෑ මතය ආණ්ඩුවේ නියෝජිතයන්ටත් දැක්වීම මෙහි මුඛ්‍ය පරමාර්ථය වනු ඇති බව එම කර්තෘ මණ්ඩලය වැඩිදුරටත් සඳහන්කර සිටියි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න