2019 යොවුන් පුරය : 27 වනදා හම්බන්තොට !

2019 යොවුන් පුරය : 27 වනදා හම්බන්තොට !

ශ්‍රී ලාංකේය තාරුණ්‍යයේ මෞලි මංගල්‍ය ලෙස හැඳින්විය හැකි යෝවුන්පුරහි, දසවන අදියර මෙවර හම්බන්තොට වීරවිලදී මාර්තු මස 27 වැනිදා සිට 31 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතව ඇත.

වත්මන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ 80 දශකයේදී තරුණ කටයුතු අමාත්‍ය ධූරය දැරූ සමයේදී ආරම්භ කල යොවුන්පුර සංකල්පය එක්සත් ජාතික පක්ෂ රජයෙන් පසු පැමිණි රජයන් එය අමතක කොට තරුණ තරුණියන්ට ලැබිය යුතු යෝවුන්පුර අත්දැකීම අහිමිකර තිබුණි.

එවන් වකවානුවක නැවතත් යහපාලන රජය යටතේ අග්‍රාමාත්‍ය ධූරයට පත්වූ රනිල් වික්‍රමසිංහගේ අනුශාසකත්වය මත, ජාතික තරුණ සේවා සභාවේ සභාපති/ අධ්‍යක්ෂ ජෙනරාල් තනතුරට පත්වූ එරන්ද වැලිඅන්ගේ විසින් යලිත් වරක් මෙම මහඟු කාර්යට පන පොවන්නට විය.

ඒ අනුව 2016 වර්ෂයේදී හයවන යෝවුන්පුරය සීගිරිය ගුවන් හමුදා කඳවුරු පරිශ්‍රය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට හැකිවූ අතර එය ඉතා සාර්ථක මෙන්ම නූතන තාරුණ්‍යට නවමු අත්දැකීමක්ද විය. ඉන් අනතුරුව 2017 වසරේ ත්‍රිකුණාමලය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වූ අතර පසුගිය වසරේ (2018) නිකවැරටිය ප්‍රදේශයේද පැවැත්වූ යෝවුන්පුරයන් මෙරට සිව් කොන නියෝජනය කරමින් පැමිණි තරුණ තරුණියන්ට නවමු අත්දැකීම් මෙන්ම නායකත්ව සහ පෞරුෂ වර්ධන ගුණාංග රැසක් එක්කරන දැවැන්ත වැඩසහන් විය.

මෙවර 2019, යෝවුන්පුරය, දක්ෂිණ ලංකාවේ හම්බන්තොට පුරවරයේ වීරවිල පශු සම්පත් පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතව ඇත.ඊට අදාළ සිය කටයුතු මේවනවිට සූදානම්කර ඇති අතර මෙය වසරේ දකුණු ආසියාවේ විශාලතම සහ ගුණාත්මකම තරුණ එකතුවක් ලෙසද හඳුන්වාදිය හැකිය. ජනාධිපති සහ විෂයභාර අමාත්‍ය මෙන්ම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ මඟපෙන්වීම මත ජාතික තරුණ සේවා සභාවේ සභාපති එරන්ද වැලිඅන්ගේ ගේ නායකත්වය තුලින් දසවන යෝවුන්පුරය ගුණාත්මකව සහ ඉතා උත්කර්ශමත්ව සංවිධානය කෙරෙනු ඇත.

"තාරුණ්‍යට ආදරෙන් යෝවුන්පුර සිරි අසිරි වින්ද ගනිමින් එහි වටිනාකම් උකහාගැනීමට දිවයිනේ සිව් දෙසින් තරුණ තරුණියන් 8000ට අධික පිරිසක් ඊට එක්වීමට නියමිත අතර සනීපාරක්ෂක, ක්‍රියාකාරකම්, කඳවුරු පහසුකම් ඇතුළු සියලු පහසුකම් ලබාදීමට අවශ්‍ය විදිවිදාන මේවන විටත් විටත් යොදා අවසන්ය. දේශීය තරුණ තරුණියන්ට අමතරව විදේශීය තරුණ තරුණියන්ද මිට එක්වීමට නියමිතය. තාරුණ්‍යට ආදරෙන් යෝවුන්පුරයට එක්වෙමු !" යනුවෙන් සංවිධායකයින් දන්වා සිටියි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න