ත්‍රිපිටකාභිවන්දනා වැඩසටහන ඇමති රවීගේ පැසසුමට !

ත්‍රිපිටකාභිවන්දනා වැඩසටහන ඇමති රවීගේ පැසසුමට !

අද අපේ ආණ්ඩුවත්, ජනාධිපතිතුමත් ත්‍රිපිටකය ලෝක උරුමයක් බවට පත් කිරීම සම්බන්ධයෙන් සෑම අමාත්‍යාංශයක්ම, රජයේ ආයතනයක්ම විවිධ වැඩසටහන් සංවිධානය කර තිබෙනවා. ඒ අදහසින් අපි ගංගාරාමයේ මෙවැන් කටයුත්තක් සංවිධානය කරලා තියෙනවා. මේක තුළින් බුදුන් ධර්මය ලොවට ඇති කරලා එය තුළින් ආරක්ෂා කිරීමේ වැඩ පිළිවෙල තමයි මේ අපි ඇති කරලා තියෙන්නේ.᱿

ගංගාරාම විහාරස්ථානයේදී ’ත්‍රිපිටකාභිවන්දනා’ වැඩසටහනට සමගාමීව පසුගියදා (22) විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශය විසින් පැවැත්වු ආගමික උත්සවයේදී අමාත්‍යවරයා මෙසේ අදහස් දක්වන ලදී.

වත්මන් ආණ්ඩුවත්, ජනාධිපතිතුමාගේත් සංකල්පයක් මත ත්‍රිපිටකය ලෝක උරුමයක් ලෙස ප්‍රකාශයට පත් නිරීමේ ’ත්‍රිපිටකාභිවන්දනා’ වැඩසටහනට සමගාමීව පුරා සතියක් මුළුල්ලේ රට තුළ විවිධ ආගමික උත්සව පවත්වන ලදී. ඊට සමගාමීව විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශය විසින්ද ආගමික උත්සව පැවැත්වීමට කටයුතු සංවිධානය කරන ලදී. එම අවස්ථාව සඳහා අමාත්‍යාංශ ලේකම් ඇතුළු සියලුම කාර්ය මණ්ඩල නිලධාරීන් සහභාගී විය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න