අදහාගත නොහැකි චෝදනාවක් මත රක්ෂිත බන්ධනාගාරගත කර සිටි වෛද්‍ය මොහොමඩ් සාෆි සිහාබ්දීන් රුපියල් දෙලක්ෂ පනස් දහසක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ විසි පහ බැගින් වූ ශරීර ඇප හතරක් මත මුදා හරින ලෙසට කුරුණෑගල මහේස්ත්‍රාත් සම්පත් හේවාවසම් අද (25) නියෝග කළේය.
මෙම සැකකරුට එරෙහිව ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 311 වගන්තිය ප්‍රකාරව බරපතල තුවාල කිරීමේ සිද්ධියට අදාලව වරදක් බැවින් ඒ සම්බන්ධයෙන් ඇප ලබාදිය හැකි වරදක් බවට නීතිපතිවරයා සහ පැමිණිල්ලේ කරුණු සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා මෙම ඇප ලබා දෙනු ලැබීය.
එමෙන්ම සෑම ඉරුදිනකම පෙරවරු 9.00 - 12.00 ත් අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

