CID ශානිට තර්ජන !

CID ශානිට තර්ජන !

වෛද්‍ය මොහොමඩ් සාෆිගේ නඩුවට අදාළ මාධ්‍ය හමුවකදී නීතිඥ මනොජ් ගමගේ විසින් තමන්ට තර්ජනය කළ බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ශානි අබේසේකර පොලීසියට පැමිණිල්ලක් කර ඇත.

වෛද්‍ය මොහොමඩ් සාෆි සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හා නීතිපති දෙපාර්තමේන්තුවේ ක්‍රියාකලාපය පසුගියදා පැවති එම මාධ්‍ය හමුවේදී දැඩි විවේචනයට ලක් විය.

එහිදී අදහස් දක්වමින් නීතිඥ සංවිධාන ජාතික එකමුතුවේ සභාපති නීතිඥ මනෝජ් ගමගේ ප්‍රකාශ කළේ සාෆි වෛද්‍යවරයා සතු අති විශාල වත්කම් හේතුවෙන් රජය නීතිය ක්‍රියාත්මක නොකරන බවයි.

කෙසේ වෙතත් මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු නීතිඥවරයා පවසා සිටියේ, කෝටි 40 ගණනක් 90 ගණනක් තිබු වෛද්‍ය ෂාෆීට යහපාලන රජයම මිලදී ගැනීමට හෝ බැරිකමක් නොමැති බවයි.

එනිසා නීතිය ක්‍රියාත්මක නොවන බවත් පැවසු නීතිඥවරයා, ශාන් අබේසේකරට බලය හැමදාම ක්‍රියාත්මක නොවන බවත්, එනිසා ගන්නා ඕනෑම ක්‍රියාමාර්ගයක් නීතිය අනුව ගන්නා ලෙසත්ය.

නීතියට “ජිල්මාට්“ දමා සැකකරුවන් නිදහස් කරන්න සුදානම් නොවන්නැයි ද පවසා සිටි නීතිඥවරයා, එහි ප්‍රතිඵලය ශානි අබේසේකර මහතාට අනාගතයේ දී ජම්පරයක් ඇඳගෙන විඳින්නට සිදුවේයැයි අනතුරු ඇඟවීමක්ද සිදු කළේය.

ශානි අබේසේකර විසින් පොලිස් මුලස්ථානයට පැමිණිලි කර ඇත්තේ මේ චෝදනා සම්බන්ධවය.

අභූත චෝදනා මේ නිසා !

මේ සම්බන්ධව අදහස් දක්වන ආරක්ෂක තොරතුරු විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ ශානි අබේසේකර වැනි දක්ෂ සහ කීර්තිමත් නිලධාරීන් සිය විමර්ශන කටයුතු නිසිලෙස සිදුකරන පසුබිමේ අනාවරණය වන සත්‍ය කරුණු සම්බන්ධව සාෆි සිදුවීම දේශපාලනීකරණය කරගත් පාර්ශවයන් කළබලවී ඇති බවය.

ඔවුන්ට අවශ්‍ය විමර්ශන නිසි ලෙස සිදුකිරීම නොවන බවත් ඔවුන්ගේ දේශපාලන ව්‍යාපෘතියට අවශ්‍ය ආකාරයට විමර්ශන නිලධාරීන් පත්නොවී ස්වාධීනව ක්‍රියා කිරීම හරහා ජනතාව නොමග යවන ප්‍රකාශ සිදුකරන්නේ ඒ අනුව බවත් ඔවුන් සඳහන් කරයි.

අභූත චෝදනා කරමින් ජනතාව නොමග යැවීමට මේ පාර්ශව උත්සාහ කළත් ඒ කිසිවක් සාර්ථක නොවන බවත් මේ වන විටත් ජාතිය ආගම මුල්කරගෙන සාෆිගේ නඩුව අවනඩුවක් කිරීමට උත්සාහ ගන්නා පාර්ශවයන්ගේ පැටිකිරිය මේ වන විටත් රට හමුවේ අනාවරණය වෙමින් ඇති බවත් ඔවුන් සදහන් කරයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න