සජිත් තනියම ඉල්ලන සූදානමක් : සිරිසේනගේ සහයත් ලැබෙයි !

සජිත් තනියම ඉල්ලන සූදානමක් : සිරිසේනගේ සහයත් ලැබෙයි !

කිසියම් හේතුවක් මත අමාත්‍ය සජිත් පේ‍්‍රමදාසට, එජාප ජනාධිපතිවරණ අපේක්ෂකත්වය නොලැබුනහොත් ඔහු වෙනම තරඟ වැදීමට සූදානම් බවට මාධ්‍ය වාර්තා පළවෙයි.

හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයාගේ සමීප සම්බන්ධයක් ඇතිව පවත්වාගෙන යන "හෙඩ්ලයින් නිව්ස්" වෙබ් අඩවිය ද මේ බව වාර්තා කර ඇත.

එම පුවතේ වැඩිදුරටත් සදහන් වන්නේ තනියම හෝ ජනාධිපතිවරණය සදහා ඉදිරිපත් වීම සම්බන්ධව සාකච්ඡා කිරීම සඳහා, සජිත් පාර්ශ්වයේ අමාත්‍යවරු සහ මන්ත‍්‍රීවරු කීප වතාවක්ම මුණ ගැසී ඇති බවය.

එසේම සජිත් පේ‍්‍රමදාස අමාත්‍යවරයා වෙනම ජනාධිපතිවරණය සදහා තරඟ කරන්නේ නම්, ජනාධිපති සිරිසේනගේ සහායද ඔහුට ලැබීමට නියමිත බවත් එම පුවතේ දැක්වෙයි.

එම පුවතේ වැඩිදුරටත් මෙසේද සදහන් කර තිබේ.

ඊට අමතරව, එවැනි තත්ත්වයක් උදා වුවහොත්, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත‍්‍රී පාර්ශ්වය නියෝජනය කරන මන්ත‍්‍රීවරු සියලූ දෙනාගේ සහායද සජිත්ට ලැබෙනු ඇතැයි සජිත් පිල ගණන් බලා තිබේ.

මේ අතර, එක්සත් ජාතික පක්ෂය ප‍්‍රමුඛ අනෙකුත් පක්ෂ හා සංවිධාන එක්ව ගොඩ නැගීමට නියමිත තිබූ නව සංධානය ගොඩ නැගීම දින නියමයක් නැතිව කල් තබා තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න