ජ්‍යෙෂ්ඨ පුරවැසි ගිණුම් සඳහා දෙන 15% පොළී අනුපාතයේ කිසිඳු වෙනසක් නැත !

ජ්‍යෙෂ්ඨ පුරවැසි ගිණුම් සඳහා දෙන 15% පොළී අනුපාතයේ කිසිඳු වෙනසක් නැත !

මහ බැංකුව,වාණිජ බැංකු මගින් ස්ථාවර තැන්පතු සඳහා ලබා දෙන පොළී අනුපාතය අඩු කර ඇති නමුදු රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා 15% විශේෂ පොලී අනුපාතයන් ලබා දීමේ ක්‍රමවේදයේ කිසිඳු වෙනසක් සිදු කර නොමැති බව මුදල් අමාත්‍යංශය සඳහන් කරයි.

නිවේදනයක් නිකුත් කරමින් මුදල් අමාත්‍යංශය මේ බව සඳහන් කරන අතර එහි වැඩිදුරටත් මෙසේද සඳහන්ව තිබේ.

ජ්‍යෙෂ්ඨ පුරවැසි ස්ථාවර ගිණුම් සඳහා ක්‍රියාත්මක 15% විශේෂ ද බැංකු පොලි අනුපාතය අඩු කර ඇතැයි විවිධ මාධ්‍ය වලින් ප්‍රචාරය වූ ප්‍රවෘත්තියේ කිසිඳු සත්‍යතාවයක් නොමැත.

15% වි‍ශේෂ පොලි අනුපාතය, 2015 වර්ෂයේ අය වැය මගින් ජ්‍යෙෂ්ඨ පුරවැසියන් ගේ ස්ථාවර ඉතිරි කිරීම් ගිණුම් සඳහා ලබා දෙනු ලැබූ අතර එය 2015.03.13 දින සිට කිසිඳු වෙනසකින් තොරව ක්‍රියාත්මක වේ.

2015 අය වැය යෝජනා මගින් ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ පොලී ආදායම රුපියල් මිලියනයක් දක්වා රඳවා ගැනීමේ බද්දෙන් නිදහස් කරන ලදි. 2018 අය වැය යෝජනා මගින් මෙම විශේෂ පොලි සහන සීමාව රුපියල් ලක්ෂ 15 දක්වා වැඩි කරන ලදි. ඒ අනුව ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට තව දුරටත් සහන ලබා දීමේ අරමුණින් වාර්ෂික පොලී ආදායම රුපියල් ලක්ෂ 15 දක්වා රඳවා ගැනීමේ බදු වලින් නිදහස් කර ඇත.

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට සහන ලබා දෙන මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා මහා භාණ්ඩාගාරය විසින් වාර්ෂිකව රුපියල් බිලියන 16කට ආසන්න මුදලක් වාණිජ බැංකු වෙත ගෙවනු ලැබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න