අපේක්ෂකත්වය රනිල් - සජිත් එකඟත්වයෙන් !

අපේක්ෂකත්වය රනිල් - සජිත් එකඟත්වයෙන් !

එක්සත් ජාතික පක්ෂයේ ප‍්‍රමුඛත්වයෙන් පිහිටුවන පුළුල් සන්ධානයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා පිළිබඳ තීරණය එක්සත් ජාතික පක්ෂ නායක අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ සහ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස අතර එකඟතාවයක් මත ඇති විය යුතු බව ආණ්ඩු පක්ෂ කණ්ඩායම් රැස්වීමේදී ඊයේ (05) යෝජනාවී තිබේ.

ඔවුන් එකිනෙකා එකඟතාවයක් ඇති කරගන්නා තෙක් ජනාධිපතිවරණ අපේක්ෂකයා සම්බන්ධයෙන් ප‍්‍රසිද්ධ ප‍්‍රකාශ කිසිවක් සිදු නොකළ යුතු බවට ආණ්ඩු පක්ෂ කණ්ඩායම් රැස්වීමේදී බහුතර මතය ලෙස ප‍්‍රකාශයට පත් කෙරිණ.

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහගේ ප‍්‍රධානත්වයෙන් ආණ්ඩු පක්ෂ කණ්ඩායම් රැස්වීම කොළඹ අරලියගහ මන්දිරයේදී ඊයේ (05) පස්වරුවේ පැවැත්වුණේ මේ සතියේ පැවැත්වෙන පාර්ලිමේන්තු රැස්විම් පිළිබඳ සාකච්ඡා කිරීමටය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න