දයාගේ සහයත් ගෝඨාට !

දයාගේ සහයත් ගෝඨාට !

ජනාධිපති සිරිසේන සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අතර පැවැත්වෙන සාකච්ඡාවක දී ගෝඨාභය රාජපක්ෂ මීළඟ ජනාධිපති අපේක්ෂක ලෙස නම් කිරීමට එකඟතාවයක් ඇති වූවොත් ඒ සඳහා කටයුතු කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සූදානම් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසයි.

නමුත් ගෝඨාභය රාජපක්ෂ කිසිම පක්ෂයකට අයිති අපේක්ෂකයෙක් නොවී ජාතික අපේක්ෂකයෙක් ලෙස ස්වාධීනව සිතිය යුතු බව ද ඔහු සදහන් කළේය.

මහලේකම්වරයා මෙම අදහස් පළ කළේ ඊයේ (05) හිරු සළකුණ දේශපාලන වැඩසටහන අදහස් පල කරමිනි.

කිසිම හේතුවක් මත ශ‍්‍රීලනිපයෙන් වෙනම අපේක්‍ෂකයෙකු ඉදිරිපත් නොකරන බවද ඔහු එහිදී පැවසීය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න