ගෝඨා දරුණු වෙන්නේ නෑ : බැසිල්ගෙන් සහතිකයක් !

ගෝඨා දරුණු වෙන්නේ නෑ : බැසිල්ගෙන් සහතිකයක් !

ගෝඨාභය රාජපක්ෂ දරුණු පාලකයෙක් නොවන බවට සහතිකයක් තමන්ට ලබාදිය හැකි යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (පොහොට්ටුවේ) ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ පවසයි.

ඔහු මේ බව කියා සිටියේ ඊයේ (08) පැවති මාධ්‍ය හමුවකදී නැගුණු ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

ඇතැම් අය ගෝඨාභය රාජපක්ෂට බියක් දක්වනවා නේදැයි ඇසු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් බැසිල් රාජපක්ෂ කියා සිටියේ, "ඔහු ගැන බයවෙන්න දෙයක් නැහැ. ඔහු හොඳ ප්‍රජාතන්ත්‍රවාදියෙක් වෙන බව මට විශ්වාසයි," යනුවෙනි.

"ඔහු ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ ඇති නායකයෙක්" බවත් එම මාධ්‍ය හමුවේදී ඔහු කියා සිටියේය.

හිට්ලර් කෙනෙක් වෙන්න කියපු වෙලාවේ නිහඬව සිටි බැසිල් !

''ඇතැම් අය ගෝඨාභය රාජපක්ෂට බියක් දක්වනවා නේදැයි'' මෙම මාධ්‍ය හමුවේදී විමසීමට ලක්වුයේ, රාජපක්ෂ පාලන සමයේදී ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස සිය සොයුරු මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ බලය අතට ගෙන ගිය භීෂණකාරී පාලනය සම්බන්ධයෙන් සමාජය තුල පවතින සාධාරණ බියයි.

අනෙක් අතට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වන බවට දිලිත් ජයවීරගේ මාධ්‍ය ජාලය හරහා මතයක් ගොඩනැගුන මොහොතේ සිට ඔහුට ආඥාදායකයකු ලෙස හැසිරෙන්නැයි මහ නාහිමිවරුන් ගෙන් පවා අවවාද අනුශාසනා ලැබිණ.

ශ්‍රී ලංකාවේ මීළඟ විධායක ජනාධිපති ලෙසින් තේරී පත්වුවහොත් "හිට්ලර් කෙනෙක් වෙලා හරි" රටේ නිසි පාලනයන් පවත්වාගෙන යන මෙන් අස්ගිරි පාර්ශවයේ අනුනායක වෙඬරුවේ උපාලි අනුනාහිමියන් මිට මාස කිහිපයකට පෙර ගෝඨාභය රාජපක්ෂ වෙත කළ අනුශාසනය ප්‍රබල සංවාදයකට ලක්වූ අතර එම අවස්ථාවේදී බැසිල් රාජපක්ෂ නිහඬ පිළිවෙතක් අනුගමනය කළේය.

ගෝඨාභය රාජපක්ෂගේ උපන්දිනය වෙනුවෙන් පැවැත්වුණු සාංඝික දානයකදී එහිමියන් එම අනුශාසනය කරන අවස්ථාවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, හිටපු කතානායක චමල් රාජපක්ෂ සහ දයාසිරි ජයසේකර, තිලංග සුමතිපාල ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් ද එයට සහභාගි වී සිටියහ.

එහිදී දීර්ඝ අනුශාසනයක් කළ අස්ගිරි පාර්ශවයේ අනුනායක හිමියෝ, "මිලිටරි පාලනයක් හරි අරගෙන ගිහින් මේක හදන්න කියල නැවතත් මතක් කරනවා," යනුවෙන් ද සඳහන් කළහ.

එහිමියන්ගේ එම ප්‍රකාශය සමාජ මාධ්‍ය ජාල ඔස්සේ දැඩි විවේචනයට ලක්විය.

දේශපාලන විශ්ලේෂක ආචාර්ය දයාන් ජයතිලක එය විග්‍රහ කර තිබුණේ මෑත යුගයේ තමන්ට අසන්නට ලැබුන "භයානකම සහ ලැජ්ජා සහගතම" ප්‍රකාශය ලෙසිනි.

dayan t

මිලිටරි පාලනයක් :

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජන්ම දින සැමරුම් පිංකම් උත්සවය අතරතුරදී අස්ගිරි පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය වෙඬරුවේ උපාලි නාහිමියන් සිදුකළ ප්‍රකාශය තරයේ හෙලා දකින බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර සිටි ඒකාබද්ධයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම, අනුනායක හිමියන් විසින් සදහන් කල ආකාරයේ මිලිටරි ආණ්ඩුවකට තමන් සම්පූර්ණයෙන්ම විරුද්ද බවත් යම් හෙයනික් එවන් තත්වයක් උද්ගත වුවහොත් පක්‍ෂයෙන්ද ඉවත් වී ජීවිතයද පරදුවට තබා සටන් කරන බවත් අවධාරණය කර සිටියේය.

ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් තමන් බලාපොරොත්තු වන බවත් රට තුල මිලිටරි පාලනයක් ඇති වුවහොත් ඊට තමන් දැඩි විරෝධය පල කරන බවද ඔහු වැඩිදුරටත් පැවසිය.

ගෝඨාභය රාජපක්ෂගේ මිල්ටරිකරණ දේශපාලන ව්‍යාපෘතිය වාසුදේව නානායක්කාර මන්ත්‍රීවරයා ද දැඩි ලෙස විවේචනය කර තිබිණ.

මෙසේ ඒකාබද්ධ නායකයින්ගේ විවේචන එල්ලවෙද්දී පවා ගෝඨාභය රාජපක්ෂ ඔහුගේ විශ්‍රාමික හමුදා ජුන්ටාවේ උපදෙස් මත නිහඬ පිළිවෙතක් අනුගමනය කිරීම අස්ගිරි අනුනාහිමියන්ගේ උපදෙස් පිළිගැනීමක් වන අතර එය මේවනවිට බැසිල් රාජපක්ෂට ද බරපතල ප්‍රශ්නයක් වී තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න