පොහොට්ටු අපේක්ෂකයා පිළිගනු - නැත්නම් සන්ධාන නෑ : ශ්‍රිලනිපයට බැසිල් ගුගුරයි !

පොහොට්ටු අපේක්ෂකයා පිළිගනු - නැත්නම් සන්ධාන නෑ : ශ්‍රිලනිපයට බැසිල් ගුගුරයි !

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් නම් කරනු ලබන ජනාධිපති අපේක්ෂකයාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විරුද්ධ වුවහොත් එම පක්ෂය සමඟ සන්ධාන ගත වීමක් සිදු වීමට ඉඩ නැතිවිය හැකි බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ සඳහන් කරයි.

ඔහු මේ බව කියා සිටියේ කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

ශ්‍රීලනිපය සමඟ සන්ධානගත වූවා කියා තම පක්ෂය විශේෂ ජයග්‍රහණයක් නොලබන බවත් ඔවුන් සමග සන්ධාන ගත නො වූවා කියා පරාජය වීමක්ද සිදු නොවන බවත් ඔහු එහිදී පවසා ඇත.

තවද 11 වැනි දා කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සම්මේලනයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කිසිදු මන්ත්‍රීවරයෙකුට පෞද්ගලික ආරාධනා කර නැති බවද බැසිල් රාජපක්ෂ පවසා තිබේ.

සමුළුවට ආරාධනා කර ඇත්තේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ සමග කටයුතු කරන ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් සඳහා පමණක් බවත් කෙසේ වෙතත් සමුළුවට ආරාධනා නොකිරීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ පවත්වන සන්ධාන සාකච්ඡාවලට බාධාවක් නොවන බව ද ඔහු වැඩිදුරටත් සදහන් කර තිබේ.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න