පොහොට්ටුව එක්ක තවත් මොන සාකච්ඡාද : දයාසිරි පරළ වෙයි !

පොහොට්ටුව එක්ක තවත් මොන සාකච්ඡාද : දයාසිරි පරළ වෙයි !

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කිරීමෙන් පසුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට තවත් සාකච්ඡා කිරීමට ඇත්තේ කුමක්දැයි ප්‍රශ්නයක් ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසයි.

පොදුජන පෙරමුණට අවශ්‍යවී තිබුණේ උපක්‍රමිකව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එතැනට තල්ලූ කිරීම බවද දයාසිරි මන්ත්‍රීවරයා පවසා ඇත.

එසේම ජනාධිපතිවරයා විසින් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් කරනු ලැබූ බහුතරය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පාවා දුන් බව ද ඔහු කියා තිබේ.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට සමුළුවක් සංවිධානය කිරීමට අයිතියක් ඇති නමුත් පක්ෂයක් ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආරාධනා නොකර මන්ත්‍රීවරුන්ට වෙන වෙනම ආරාධනා දියවීම සදාචාරසම්පන්න නැති බවද මන්ත්‍රීවරයා පවසා ඇති අතර ජනාධිපතිවරණයෙන් දේශපාලනය නිමා නොවන බවත් ඉන්පසුවද පක්ෂයට නායකත්වය දීමට සිරිසේනට හැකි බවද පවසා තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න