Language Switcher

V2025

ගෝඨාගේ කතාවෙන් බැසිල්ගේ නම හළලා : මණ්ඩලේ කචල් !

ඊයේ (11) පැවති පොහොට්ටු පක්ෂයේ ජාතික සම්මේලනයේදී ජනාධිපති අපේක්ෂකයා ලෙස තමාව නම්කරගත් ගෝඨාභය රාජපක්ෂ, සිය කතාවේදී බැසිල් රාජපක්ෂගේ නම සඳහන් නොකිරීමත්, උතුරේ යුද්ධය ජයගැනීම තමාගේ තනි වැඩක් බව හැඟවීමට කටයුතු කළ ආකාරයත් පොහොට්ටුවේ ක්‍රියාකාරීන්ගේ බලවත් කනස්සල්ලට හේතුවී ඇතැයි වෙත වාර්තාවේ.

එසේම එම සම්මේලනය සජීවී ලෙස විකාශය කළ 'අද දෙරණ' ඊයේ රාත්‍රී ඒ සම්බන්ධයෙන් විනාඩි 30කට ආසන්න කාලයක් පුරා ප්‍රචාරය කළ පුවත් විකාශයේදී ද 'පොහොට්ටු' පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂගේ දර්ශන කපා තිබීම සම්බන්ධයෙන් ද බැසිල්වාදීන් සිය නොසතුට පළකරමින් සිටිති.

මේ සම්බන්ධයෙන් අප වෙත අදහස් දැක්වූ බැසිල් රාජපක්ෂගේ සමීපතම හිතවතකු කියා සිටියේ, ගෝඨාභය රාජපක්ෂගේ කතා පිටපතේ බැසිල් රාජපක්ෂ හා 'පොහොට්ටු' පක්ෂය ගොඩනගමින් ඔහු විසින් කළ සුවිශේෂී දේශපාලන දායකත්වය ගැන සඳහන්ව ඇතත්, ගෝඨාභය ටෙලිප්‍රොම්ටරය බලගෙනත් එම කරුණු ප්‍රකාශ නොකිරීම ගැටලුකාරී බවයි.

''තාම අපේ පක්ෂයේ නිල තනතුරක්වත් නැති ගෝඨාභය රාජපක්ෂ මහත්තයා දැන්තියාම අපිට සලකන්නේ මෙහෙම නම්, ජනාධිපති වුනොත් අපට කොහොම සලකයිද ?, ඇත්තටම ඊයේ ඉහලම පිළිගැනීම ලැබුනේ අපේ බැසිල් මහත්තයට. එත් දෙරණ නාලිකාවෙන් ඒ කිසිම දෙයක් විකාශය වුනේ නැහැ. ගෝඨාභය මහත්තයා වටේ ඉන්න අය හදන්නේ බැසිල් මහත්තයව යටකරන්න. වැඩි දවසක් යන්න ඉස්සෙල්ල මෙයාල මහින්ද මහත්තයට කරන්නෙත් ඔය ටික.. '' ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

සමාජ මාධ්‍ය :

මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුලද විවිධ අදහස් පලවී ඇති අතර භාරත තෙන්නකෝන් සිය FB පිටුවේ පලකල පොස්ටුවක මෙසේ සඳහන් වේ.

''මොනවා වුණත් ඊයේ ගෝඨාබයගේ කතාවේදී., බැසිල් ගැන මතක් කරන්නවත් තිබ්බා. අඩුම ගාණේ වචනයක් දෙකක්වත් කියන්න තිබ්බා. අකෘතඥ මිනිස්සුන්ට මතක නැති වුණාට., එදිරිවාදීන් වෙච්ච අපි පවා දන්නවා පොහොට්ටුව ඔය තත්ත්වයට ගේන්න බැසිල් විඳපු දුක. අන්තිමේට බැසිල් කරපිංදා, ගොරක ගාණට අමතක කරලා පැත්තකට දාපු එක වැරදියි.

baratha

ගෝඨා බැසිල්ව පලමු මොහොතේදීම හැලුවා.
ඊලඟට මහින්ද

jeewan

විමලේ ඩෙනිමක් ගහගෙන ආවේ විරෝධය පලකරන්න ද ?

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති අපේක්ෂකයා කරවීම වෙනුවෙන් වැඩිම බලපෑමක් කළ ජාතික නිදහස් පෙරමුණේ නායක, විමල් විරවංශ මන්ත්‍රීවරයා ඊයේ පැවති පොහොට්ටු පක්ෂයේ සම්මේලනයට ලානිල් පැහැති සාමාන්‍ය ඇදුමකින් හා ඩෙනිම් කලිසමකින් සැරසි පැමිණ සිටීම ඊට සහභාගී වී සිටි ඇතැමුන් ගැටළුවක් වී ඇත.

ඊට හේතුව පොහොට්ටු කාර්යාංශය විසින් අතිශයින් ගරු ගාම්භීර ලෙස පැවැත්වීමට කටයුතු යොදා තිබු මෙම සම්මේලනයට ජාතික ඇදුමින් හෝ ටයි කොට පැළඳ එන්නැයි පුර්ව දැනුම්දීමක් කර තිබියදී විමල් මන්ත්‍රීවරයා එලෙස සහභාගී වීමයි.

සුදු ඇදගෙන හොරු ඇවිදින් ...

sudu kalu

මෙය ඔහු විසින් බැසිල් රාජපක්ෂට විරෝධය පලකිරීමේ අරමුණින් සිදුකළ ක්‍රියාවක් බවට රාවයක් පැතිරගිය අතර එහි යම් යම් සත්‍යයක් ඇතැයි හැඟී යන්නේ, සම්මේලනයෙන් අනතුරුව ගෝඨාභය රාජපක්ෂ විසින් කැළණි රජමහ විහාරයේ සංවිධානය කර තිබු ආගමික වැඩසටහනට විමල් විරවංශ මන්ත්‍රීවරයා සිය සුපුරුදු පාර්ලිමේන්තු ඇඳුමින් සැරසී පැමිණ සිටීමයි.

wimale

ඉදිරි මැතිවරණවලදී එක්ව කටයුතු කිරීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව), ඒකාබද්ධයේ අනෙකුත් දේශපාලන පක්ෂ සමග ද්විපාර්ශ්වීය ගිවිසුම් ගතවීම විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ වෙසෙන කොළඹ විජේරාම නිවසේදී ජුලි 26දා සිදු කිරීමට නියමිතව තිබුන ද එම අවස්ථාව වර්ජනය කිරීමට විමල් විරවංශ ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන් තීරණය කර තිබිණ.

එයට හේතුව ලෙස එකී පක්ෂ නායකයන් පවසන්නේ සියලු පක්ෂ ඒකරාශි කර පුළුල් සන්ධානයක් ගොඩනැගීම මග හැර පොදුජන පෙරමුණ තනි තනි පක්ෂ සමග වෙන වෙනම ගිවිසුම් ගතවීම වීමට බැසිල් රාජපක්ෂ ගෙන් එල්ලවන බලපෑමට තමන් විරෝධය පලකරන බවයි.