පොහොට්ටු සාමාජිකත්වය ගත්තාට - මහින්දට ප්‍රශ්නයක් නෑ : එජනිස සහතිකයක් !

පොහොට්ටු සාමාජිකත්වය ගත්තාට - මහින්දට ප්‍රශ්නයක් නෑ : එජනිස සහතිකයක් !

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයෙකු වෙනත් පක්ෂයක සාමාජිකත්වය ලබාගතහොත් බොහෝ අභියෝගවලට මුහුණදීමට සිදු වුවද, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ වෙනුවෙන් ඒ තත්ත්වය ඇති කිරීමට කටයුතු නොකරන බව එක්සත් ජනතා නිදහස් සන්ධානය සඳහන් කරයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර පුළුල් සන්ධානයක් ගොඩනැගීම සඳහා තවමත් සාකච්ඡා සිදුකරමින් තිබෙන බවත්, එය කඩාකප්පල් කිරීමට කටයුතු නොකරන බවත් එම සංවිධානයේ මහලේකම් මහින්ද අමරවීර සඳහන් කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මහින්ද රාජපක්ෂ ට විශාල උදවු ප්‍රමාණයක් කර තිබෙන බවත්, ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු, අමාත්‍යවරයෙකු බවට මෙන්ම පක්ෂ නායකයෙකු බවටත්, අග්‍රාමාත්‍යවරයෙකු සහ ජනාධිපතිවරයෙකු බවටත් පත් කිරීමට පක්ෂය කටයුතු කළ බවත් ඔහු පවසා සිටියේය.

මහින්ද රාජපක්ෂ වෙනත් පක්ෂයක සාමාජිකත්වය ලබාගැනීම පිළිබඳ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් වීම ගැන කනගාටුවක් තිබෙන බවත්, මේ නිසා විනය ක්‍රියාමාර්ගයක් ගැනීමට දැනට සාකච්ඡා කර නොමැති බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

ගෝඨාභය රාජපක්ෂට සහයෝගය ලබාදෙනවාද, නැද්ද යන්න තවමත් තීරණය කර නොමැති බවත්, ඉදිරි දිනවලදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩපිළිවෙළ පිළිබඳ ගෝඨාභය රාජපක්ෂ සමග සාකච්ඡා කරන බවත් හෙතෙම පවසා සිටියේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න