Language Switcher

V2025

ගෝඨාගේ විදෙස් ගමන් බලපත්‍රය ගැන විමර්ශන : කොළඹ අපරාධ කොට්ටාශයට !

ඇමරිකානු පුරවැසි භාවය සඟවා ගෝඨාභය රාජපක්ෂ ශ්‍රී ලංකා ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙතින් විදෙස් ගමන් බලපත්‍රයක් ලබාගැනීම සම්බන්ධව විමර්ශනය කිරීමට කොළඹ අපරාධ කොට්ටාශය වෙත යොමුකර ඇති බව වාර්තා වෙයි.

වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න විසින් මේ සදහා වන නියෝගය නිකුත්කර ඇති අතර වාර්තා වන ආකාරයට ඒ ගෝඨාභය රාජපක්ෂ අලුත් ගමන් බලපත්‍රයක් ලබාගැනීම ගැන ලැබී ඇති පැමිණිලි 2ක් පදනම් කරගෙනය.

මීට පෙර මෙහි විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැවරීමට වැඩබලන පොලිස්පතිවරයා කටයුතු කර තිබූ නමුත් පසුව එය කොළඹ අපරාධ කොට්ටාශය වෙත පවරා ඇති බවත් වාර්තා වෙයි.