මෙරට රෝහල් පද්ධතිය අකර්මණ්‍ය කර ආණ්ඩුව ජනතාවගේ අප්‍රසාදයට ලක්කිරීම වෙනුවෙන් යළිත් වැඩ වර්ජනයක් දියත් කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සූදානම් වන බව වාර්තා වෙයි.
සෞඛ්‍ය අංශ ආරංචි මාර්ග සදහන් කරන ආකාරයට ගෝඨාභය රාජපක්ෂ වෙත දේශපාලන සහයක් ලබාදීම මේ වැඩ වර්ජනයේ අපේක්ෂාව වී තිබේ.
ගැටලු 06ක් මුල්කර ගනිමින් මේ මස 19 වැනිදායින් පසු ඕනෑම මොහොතක වැඩවර්ජනයක් සිදුකිරීමට තීරණය කර තිබෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මේ වන විටත් පවසා ඇති අතර ඒ ඊයේ (15) පැවති මාධ්‍ය හමුවකදීය.
අදාළ ගැටලු විසඳීමට බලධාරීන්ට ලබාදුන් කාලය අවසන් බවත්, ගැටලු විසඳීමට බලධාරීන් උනන්දු නොවන නිසා ඊයේ පැවැති මධ්‍යම කාරක සභා රැස්වීමේදී මෙම තීරණය ගත් බවත් එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ එහිදී සඳහන් කළේය.
එසේම වෛද්‍ය අධ්‍යාපනයේ අවම සුදුසුකම නීතිගත නොකිරීම බාල ඖෂධ ලබාදීම නවතා දැමීමට කටයුතු නොකිරීම හා ඖෂධ හිඟයට විසඳුම් ලබා නොදීම ඇතුළු ගැටලු මුල්කර ගනිමින් මෙම වැඩවර්ජනය සිදුකරන බවද වෛද්‍ය හරිත අලුත්ගේ වැඩිදුරටත් පැවසීය.

