සජිත් : චම්පික - රාජිත හමුවෙයි !

සජිත් : චම්පික - රාජිත හමුවෙයි !

අමාත්‍ය සජිත් ප්‍රේමදාස සිය ජනාධිපතිවරණ අපේක්ෂකත්වය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා රාජිත සේනාරත්න සහ පාඨලී චම්පික රණවක යන අමාත්‍යවරුන් හමුවී ඇති අතර එම සාකච්ඡාව අගෝස්තු 12 වැනිදා කොළඹ ස්ථාන දෙකකදී පවත්වා ඇතැයි සතිඅන්ත 'අනිද්දා' පුවත්පත වාර්තා කර තිබේ.

එම පුවත් වාර්තාවට අනුව, එම හමුවේදී අමාත්‍ය පාඨලී චම්පික රණවක ප්‍රකාශ කර ඇත්තේ මුලින්ම සන්ධානය බිහිකර පසුව අපේක්ෂකයා තෝරා ගැනීම තමන් දරන ස්ථාවරය බවය. එක්සත් ජාතික පක්ෂය තුළ තිබෙන ගැටළු විසඳාගෙන සජිත් ප්‍රේමදාස, ඒ සඳහා ඉදිරිපත් වන්නේ නම් තමන්ට ඒ පිළිබඳව ගැටළුවක් නොමැති බවද ඔහු එහිදී සජිත් ප්‍රේමදාස වෙත ප්‍රකාශ කර ඇත.

කෙසේවෙතත් එජාපය ඉදිරි ජනාධිපතිවරණයට තනියෙන් ඉදිරිපත් වන්නට සැලසුම් කරන්නේ නම් ඒ පිළිබඳව ද තමන්ට ගැටළුවක් නොමැති බව චම්පික රණවක අමාත්‍යවරයා එහිදී සජිත් ප්‍රේමදාස වෙත පවසා ඇත.

එහිදී රාජිත සේනාරත්න අමාත්‍යවරයා සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයාගෙන් විමසා ඇත්තේ ඉදිරි ජනාධිපතිවරණය ජයග්‍රහණය සඳහා අවශ්‍ය සටන තනියෙන් කරන්නට තීරණය කර ඇතිද කියාය. ඉදිරි ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීම සඳහා ටීඑන්ඒ සහ ජවිපෙ සහය ලබා ගැනීම අනිවාර්ය බව ප්‍රකාශ කර ඇති රාජිත සේනාරත්න ඒ සඳහා සූදානම් දැයි විමසා ඇත.

එහිදී රාජිත සේනාරත්න අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කර ඇත්තේ මේ මොහොතේ එජාපය තුළ උද්ගතවී ඇති ගැටළු ඉක්මනින් විසඳාගත යුතු බවය.''

රාජිත, සජිත් සමග හම්බන්තොටට !

රාජිත සේනාරත්න හා සජිත් ප්‍රේමදාස අමාත්‍යවරුන් දෙදෙනා අතර පැවති සාකච්ජා ඉතා සුහඳශීලි ලෙස නිමාවූ බවත් අගෝස්තු 24 සෙනසුරාදා හම්බන්තොට ශේන්ග්‍රීලා හෝටලයේ පැවැත්වෙන ඖෂවේදීන්ගේ සමුළුවකට එන්නැයි සෞඛ්‍ය අමාත්‍යවරයා කළ ආරාධනය සජිත් ප්‍රේමදාස අමත්‍යවරයා ඉතා සතුටින් පිලිගත් බවත් සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රකාශකයකු පැවසූ බව ලීඩර් වෙබ් අඩවිය වාර්තා කරයි.

සජිත් ප්‍රේමදාස 23 සිකුරාදා මාතර සනත් ජයසුරිය ක්‍රීඩාංගනයේ පැවැත්වෙන ජන රැළියකට සහභාගිවීමට නියමිතය. මුදල් අමාත්‍ය මංගල සමරවීර විසින් එම රැලිය සංවිධානය කර තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න