අපේ පවුල තමයි මේකේ ඉන්න ඕන කියලා එකක් අපේ ආණ්ඩුවේ නැහැ - තලතා

අපේ පවුල තමයි මේකේ ඉන්න ඕන කියලා එකක් අපේ ආණ්ඩුවේ නැහැ - තලතා

"අපේ පවුල තමයි මේකේ ඉන්න ඕන කියලා එකක් අපේ ආණ්ඩුවේ නැහැ, ඉතිං අපි හදවතින්ම බෞද්ධයෝ විතරක් නෙමෙයි ප්‍රතිපත්තියෙන් බෞද්ධ විතරක් නෙමෙයි අපේ ගති ගුණවලින් අපේ වැඩවලින් බෞද්ධකම සහ ආගම ආරක්ෂා කර ගන්න අපි කටයුතු කරලා තියෙනවා."පවුල බලයට එන්න වේදිකාව ගහලා තිබ්බේ එයාලගේ ගෙදර, ශ්‍රි ලංකා නිදහස් පක්ෂය එක ගෙදරකට සීමා වෙලා අපි ඒ ගැන කණගාටු වෙනවා මොකද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය උරුමකරුවන්ට අද යන්න තැනක් නැහැ." යයි අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ පවසයි.

අමාත්‍යවරිය මෙම අදහස් පළ කළේ ගම්පෙරළිය සංවර්ධන වැඩ සටහන යටතේ අඩු ආදායම්ලාභි පවුල් 500 ක් සඳහා නිවාස අලුත් වැඩියා කිරීම සෙවිලි තහඩු ලබාදීම (ඇස්බැස්ටස්) හා මුදල් ආධාර ලබාදීම වෙනුවෙන් පැල්මඩුල්ල රිල්හේන ශ්‍රී අභයවර්ධනාරාම විහාරස්ථානයේ ප්‍රදේශයේ පැවති වැඩ සටහනකට එක්වෙමිනි.

එහිදී තවදුරටත් අදහස් පළ කළ අමාත්‍යවරිය මෙසේ ද සඳහන් කළාය.

රජයේ මුදලින් නිදහස් අධ්‍යාපනය ලබනවා.විශ්ව විද්‍යාලයට ගියහම ඒකේදී අධ්‍යාපනය ලබන්නෙත් රජයේ සල්ලිවලින්.ඊට පස්සේ රජයේ රැකියාවකුත් ලැබෙනවා.රජයේ වැටුප් ලබනවා.විශ්‍රාම ගියහම අනත්දරු වැටුපකුත් ලැබෙනවා.මේක සමහර අය අමතක කරනවා.මේක තමයි අපිට අද වෙලා තියෙන ප්‍රශ්නය.බෞද්ධකම ප්‍රදර්ශනය කරනවා.අපි බෞද්ධයෝ අපි විතරයි මේකේ රජ කරවන්න ඕන.අපේ පවුල තමයි මේකේ ඉන්න ඕන කියලා එකක් අපේ ආණ්ඩුවේ නැහැ.

ඉතිං අපි හදවතින්ම බෞද්ධයෝ විතරක් නෙමෙයි ප්‍රත්පත්තියෙන් බෞද්ධ විතරක් නෙමෙයි අපේ ගති ගුණවලින් අපේ වැඩවලින් බෞද්ධකම සහ ආගම ආරක්ෂා කර ගන්න අපි කටයුතු කරලා තියෙනවා .මේ වගේම අපි අනිත් ආගම් වලටත් සළකනවා.හැබැයි ප්‍රමුඛතාවය අපේ බෞද්ධකමට ලබා දෙනවා.ඒක තමයි පන්සල අවට ගොඩ නැගෙන සමාජය කියලා කියන්නේ.අද මේ පවුලක් බලයට එන්න හදනවා.පවුල ගැන අපි පස්සේ කථා කරන්නම්.පවුල බලයට එන්න වේදිකාව ගහලා තිබ්බේ එයාලගේ ගෙදර.අද ශ්‍රි ලංකා නිදහස් පක්ෂය එක ගෙදරකට සීමා වෙලා අපි ඒ ගැන කණගාටු වෙනවා.මොකද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය උරුමකරුවන්ට අද යන්න තැනක් නැහැ.පවුල තමයි අද ඒ පක්ෂයේ හා මේ රටේ තීන්දු තීරණ ගන්න උත්සාහ කරන්නේ.ඒක නම් ඉතිං අමාරු වෙන වැඩක්.අපි මේවායින් වෙනස් වෙන්න ඕන.දැන් මේ රටේ පාරවල් අයිනේ රක්ෂිත නැහැ.හදිස්සියක් වුණොත් වාහනයක් නතර කරන්න බැහැ.මාර්ග රක්ෂිත දිගටම අල්ලලා.මේවා කාගේ ආශිර්වාදයෙන් වුන දේවල්ද.දැන් අද ජනාධිපති වෙන්න උත්සාහ කරන එක්කෙනා අපි දැක්කා පහුගිය කාලයේ නියෝජ්‍ය පොලිස්පති කෙනෙක්ට කථා කරලා කරුණා කරලා පොලීසිය ඔතනින් ඉවත් වෙන්න ඒ අයට කැමති දේ කරන්න ඉඩ දෙන්න කියනවා.මොකටද මේ එන්න හදන අය කරන්නේ.මෙයාද මේ රටේ පාලනය එන්න හදන්නේ පොලීසිය ඉන්නේ රටේ රාජකාරී හරියට කරන්න.දැන් මම ප්‍රාදේශීය ලේකම්තුමාගේ රාජකාරිය කරන්න ගත්තොත් ඒක හරියට කරන්න බැහැනේ. දැන් ගොඩාක් අය පහුගිය පාස්කු ඉරිදා පිරිරුනු බෝම්බ ප්‍රහාර ඉස්සරහට දා ගෙන ගොඩාක් අය උත්සාහ කෙරුවා ලොකු මතයක් රටේ හදන්න මහනුවර පෙරහැර තියන්න බැරි වෙයි කිවුවා මේක ගැන වගකීමක් අපිට තියෙනවාමේවා කොහෙන්ද පටන් ගත්තේ කවුද පටන් ගත්තේ කියලා අපි ඉදිරියේදී කථා කරමු.අපි අධිකරණය ලබා දෙන ඕනෑම තීන්දුවකට ඉතාම ගෞරවයෙන් හිස නමනවා කියන එක මතක් කරන්න ඕන.හොරු අල්ලනවා හොරුන්ට දඩුවම් දෙනවා කියලා කථා කරපු යුගයක් තිබුණා .හොරුන්ට දඩුවම් ලබා දෙනවා කියපු අපේ රජයේ කාලයක් තිබුණා.ඒ සියලු දෙනාගේ පරීක්ෂණ වලින් මේ වන විට ක්‍රියා කර ගෙන යනවා.සමහර අය නිදහස් වුණා.ඉතිං ඒ ගැන ප්‍රශ්නයක් නැහැ.අපි වැඩේ කරලා තියෙනවා.

දැන් අද තවම ජනාධිපතිවරණයක් ගැන ප්‍රකාශයට පත් කරලා නැහැ.අපේක්ෂකයෙක් පත් වෙලා තියෙනවා.හැම තැනම සරසලා ඉස්සර නම් අපි කොඩියක් ගැහුවහම ඕක ගගේ තමයි යන්නේ.නැත්නම් ගහපු මනුස්සයාගේ ගෙදරත් කුඩු කරලා.කොළඹ ඉදලා එන කොට හැම ටවුමක්ම සරසලා .ඉතිං අද ලෝකයට අපි පෙන්නලා තියෙනවා අපි රමේ රටේ දේශපාලන නිදහස ලබාදීලා තියෙනවා කියලා යැයි ද අමාත්‍යවරිය වැඩිදුරටත් සදහන් කළාය.67981117 1663537597111423 3695928806859603968 n

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න