ත්‍රස්ත මර්දනයට ජපන් ආධාර ! 

ත්‍රස්ත මර්දනයට ජපන් ආධාර ! 

පාස්කු ඉරිදා දින සිදු වූ ත්‍රස්තවාදී ප්‍රහාරය රට තුළ වේගයෙන් වර්ධනය වෙමින් පැවති සංචාරක ක්ෂේත්‍රය වෙත විශාල ඍණාත්මක ආර්ථික බලපෑමක් ඇති කරන ලද අතර, එමඟින් ශ්‍රී ලංකාවේ මහජන ආරක්ෂාවට තර්ජනයක් ඇති කරන ලදී. ඉහත තත්වයට ක්ෂණික ප්‍රතිචාරයක් ලෙස, ජපාන රජය විසින් ජපන් යෙන් බිලියන 01ක (ආසන්න වශයෙන් රුපියල් බිලියන 1.6 ක)  ව්‍යාපෘති නොවන ප්‍රදාන යටතේ, ශ්‍රී ලංකා පොලීසිය හා ගුවන් තොටුපල සහ ගුවන් සේවා සමාගම වෙත ත්‍රස්ත ක්‍රියාකාරකම් මර්ධනය කිරීමේ හැකියාවන් ශක්තිමත් කිරීම සඳහා අත්‍යාවශ්‍ය වන උපකරණ ලබා දීමට එකඟ වී ඇත.

ඒ අනුව, මහජන ආරක්ෂාව සහ ගුවන් මගීන්ගේ ආරක්ෂාව සඳහා අත්‍යාවශ්‍ය වන නිරීක්ෂණ හා ආවේක්ෂණ උපකරණ ජපාන රජය විසින් ශ්‍රී ලංකා පොලීසිය වෙත සහ ගුවන් තොටුපල හා ගුවන් සේවා සමාගම වෙත රාජ්‍ය ආරක්ෂක සහ ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශ හරහා ලබා දෙනු ඇත.

ඉහත ප්‍රදාන ආධාරය සඳහා වන හුවමාරු පත්‍ර අත්සන් කිරිම, ඊයේ (12) මුදල් අමාත්‍යාංශයේදී සිදුකෙරිණි.

ශ්‍රි ලංකා රජය වෙනුවෙන්, මුදල්  අමාත්‍යාංශ ලේකම්, ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග සහ ජපාන රජය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අකිරා සුගියාමා විසින් ඉහත හුවමාරු පත්‍ර සඳහා අත්සන් තබන ලදී.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න