කෝප් නිර්දේශ නොතකන නිලධාරීන්ට එරෙහිව නීති ක්‍රියාමාර්ග ගත යුතුයි - හඳුන්නෙත්ති 

කෝප් නිර්දේශ නොතකන නිලධාරීන්ට එරෙහිව නීති ක්‍රියාමාර්ග ගත යුතුයි - හඳුන්නෙත්ති 

දූෂණ වංචාවලට එරෙහිව පොදු ව්‍යාපාර කාරක සභාව (කෝප්) කරන නිර්දේශ ක්‍රියාත්මක නොකරන නිලධාරින්ට ද නීතිය ක්‍රියාත්මක කළ යුතු යැයි එම කාරක සභාවේ සභාපති ජනතා විමුක්ති පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මාධ්‍ය වෙත පවසා තිබේ.

කෝප් කමිටුවෙන් සිදුකරන විමර්ශන නිසා රාජ්‍ය ආයතනවල සිදුවන වංචා දූෂණ විශාල වශයෙන් හෙළිදරව් වන නමුත් ඒවායේ වැරදිකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වන්නේ මන්දගාමීව යැයි ද හඳුන්නෙත්ති මන්ත්‍රීවරයා එහිදී  චෝදනා කර ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, නීතිපති දෙපාර්තමේන්තුව, අල්ලස් කොමිසම ආදී ආයතනත් ඇමැතිවරු හා ජනාධිපතිවරයාත් ඒ සඳහා කඩිනම් මැදිහත්වීම් කළ යුතු යැයි ද මන්ත්‍රීවරයා අවධාරණය කර තිබේ.

කෝප් කමිටුවේ කටයුතු ජනමාධ්‍යට විවෘත කරගැනීමට ලැබීම ජනතාවට ආශ්වාදයක් මෙන්ම දූෂණවිරෝධී සටනේ ලද ජයග්‍රහණයක් යැයි ද කාමරයක් තුළ දකින තිත්ත ඇත්ත ජනමාධ්‍ය මගින් රටටම සන්නිවේදනය කිරීමෙන් මහජන මතයක් නිර්මාණය කළ හැකි යැයි ද හඳුන්නෙත්ති මන්ත්‍රීවරයා තවදුරටත් පෙන්වාදී ඇත.

දූෂණවිරෝධී අවංක රාජ්‍ය නිලධාරින්ට ද එය වාසියක් යැයි ද කෝප් විමර්ශන ක්‍රියාවලිය තවත් වසර දෙකක් පමණ මේ ආකාරයෙන් අඛණ්ඩව දියත් කළහොත් දූෂණයට එරෙහිව සංවරණ තුලන තත්ත්වයක් නිර්මාණය කරගත හැකි වනු ඇතැයි ද හඳුන්නෙත්ති මන්ත්‍රීවරයා  සඳහන් කර ඇත.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න