ආහාර ලබා දෙමින් සිටියදී ඇතා බෙල්ලන්විල හිමියන් "අල්ලා ගෙන" ; ආදාහන කටයුතු 08 දා

ආහාර ලබා දෙමින් සිටියදී ඇතා බෙල්ලන්විල හිමියන් "අල්ලා ගෙන" ; ආදාහන කටයුතු 08 දා

 අපවත්වී වදාළ මහාචාර්ය, බෙල්ලන්විල විමලරතන නාහිමියන්ගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය එළැඹෙන 08දා පැවැත්වීමට තීරණය කර තිබේ.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාල ක්‍රීඩා පිටියේදී පස්වරු 3.00ට ආරම්භවීමට නියමිතය.

සිය විහාරස්ථානයට අයත් ඇතෙකු පහර දෙනු ලැබීමෙන් රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටි බෙල්ලන්විල විමලරතන නාහිමියන් සෙනසුරාදා (පෙබරවාරි 03) අපවත් වූහ.

'මියන් කුමාර' නමැති හස්තියාගේ පහර දීමට ලක්ව බරපතළ තුවාල ලබා සිටි එහිමියන් සිකුරාදා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කරනු ලැබ තිබිණි.

 99871654 gettyimages 485027367

ආහාර ලබා දෙමින් සිටියදී ඇතා විසින් බෙල්ලන්විල විමලරතන හිමියන් "අල්ලා ගනු ලැබූ බව" ඇත් ගොව්වා මාධ්‍ය වෙත පවසා තිබිණි.

 බෙල්ලන්විල විමලරතන හිමියන්ගේ ඉලඇටවලට බරපතළ හානී සිදු වී තිබු බව කළුබෝවිල ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයෙකු පැවසීය.

අභ්‍යන්තර රුධිර වහනය හේතුවෙන් අසාධ්‍ය තත්ත්වයේ පසු වූ එහිමියන් පසුව පෞද්ගලික රෝහලක් වෙත ගෙන යන ලද බවත් ඉහත කී වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

ආහාර ලබා දෙමින් සිටියදී ඇතා විසින් බෙල්ලන්විල විමලරතන හිමියන් "අල්ලා ගනු ලැබූ බව" ඇත් ගොව්වා මාධ්‍ය වෙත පවසා තිබිණි.

එහිදී එහිමියන් බිම ඇදවැටුණු බව කී ඇත් ගොව්වා "ඊට පස්සේ දළ දෙකෙන් අනින්න ගියා, ඒක වැදුනේ නැහැ," යනුවෙන් වැඩිදුරටත් සඳහන් කර ඇත.

'මියන් කුමාර' නමැති හස්තියා මියන්මාරයෙන් තෑගී වශයෙන් ලැබුණු ඇතෙකි.

බෙල්ලන්විල රජමහ විහාරයේ විහාරාධිකාරීව වැඩ විසූ උන්වහන්සේ කෝට්ටේ සංඝ සභාවේ තමන් දැරූ අනුනායක පදවියෙන් පසුගියදා ඉල්ලා අස් වූහ.

එසේම උන්වහන්සේ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කුලපති ධුරය ද හෙබවූහ.

බෙල්ලන්විල නාහිමියෝ කලක් ලන්ඩන් විශ්ව විද්‍යාලයට අනුබද්ධ ආසියා සහ අප්‍රිකානු අංශයේ සිංහල සහ පාලි භාෂා අධ්‍යයන අංශයේ ආචාරවරයෙකු ලෙස ද කටයුතු කර ඇත.

(මූලාශ්‍රය - බීබීසී සිංහල සේවය)

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න