ජෙනරාල් මහේෂ්ගේ නාම යෝජනාව ප්‍රතික්ෂේප වෙන ලකුණු ?

ජෙනරාල් මහේෂ්ගේ නාම යෝජනාව ප්‍රතික්ෂේප වෙන ලකුණු ?

ජාතික ජනතා පක්ෂයේ 'විදුලි බුබුල' ඡන්ද ලකුණෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට නියමිත 'ජාතික ජනතා ව්‍යාපාරයේ' අපේක්ෂක ජෙනරාල් මහේෂ් සේනානායකගේ නාමයෝජනා ප්‍රතික්ෂේප වීමේ අවදානමක් පවතින බව සමාජ මාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණයකු වන ඕෂල හේරත් සිය FB පිටුවේ පළකර ඇති සටහනක දැක්වේ. 

ජාතික ජනතා ව්‍යාපාරය' මේවනවිට මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ පිළිගත් දේශපාලන පක්ෂයක් නොවන හෙයින්, පිළිගත් පක්ෂයක් වන 'ජාතික ජනතා පක්ෂයේ 'විදුලි බුබුල' ඡන්ද  සලකුණ යටතේ මහේෂ් සේනානායක ඉදිරිපත් කිරීමට කටයුතු කරමින් සිටියි.

ඕෂල හේරත්ගේ FB පිටුවේ ඒ සම්බන්ධයෙන් මෙසේද දැක්වේ.

''එම අවධානමට හේතුවක් වන්නේ,  ජාතික ජනතා පක්ෂය පක්ෂ ව්‍යවස්ථාවේ වගන්ති 4 සහ 5 වල බලතල වලට පටහැනිව දැනට මාසයකට පමණ කලින් පක්ෂය ජාතික මහා සම්මේලනයක් සහ සමස්ත ලංකා කාරක සභාව කැදවීමකින් තොරව පක්ෂයේ විධායක සභා සභිකයන් 10 දෙනෙක් හොර රහසේ ඉවත් කර තිබීමයි.

එය නීති විරෝධී කටයුත්තක් වන අතර ඒගැන සාක්ෂි සහිතව වාර්තා වේ.

එම නිසා මහේෂ් සේනානායක එම පක්ෂයේ ජනාධිපතිධුර අපේක්ෂකයා ලෙස තෝරාගැනීම දැනට පවතින විධායක සභාව විසින් සිදුකිරීම නිත්‍යානුකුල නොවන වලංගුභාවයෙන් තොර වූ තීරණයකි.

එවන් පසුබිමක ඔහුගේ ජානාධිපති අපේක්ෂකධුරත්වය අභියෝගයට ලක්වීමේ දැඩි අවධානමක් ඇත. පක්ෂ ව්‍යවස්ථාවට පටහැනිව පත් කර ගන්නා ලද විධායක කමිටුවක තීරණය වලංගු නොවීම තුල ඉදියේදී මහේෂ් සේනානායකගේ අපේක්ෂකත්වයට එරෙහිව මුලික විරෝධතා එල්ල වීමට ඉඩ කඩ ඇති බවට ආරංචි වෙමින් පවතී.

සබැදි සටහන - 

                               Oshala post

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න