ගෝඨාබයට අවාසිදායක තීන්දුවක් ලැබුනොත් වෙනදේ මෙන්න ?  

ගෝඨාබයට අවාසිදායක තීන්දුවක් ලැබුනොත් වෙනදේ මෙන්න ?  
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාබය රාජපක්ෂ ශ්‍රී ලාංකික පුරවැසියෙක් ලෙස පිළිගැනීම වැලැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනු කර තිබූ පෙත්සම සම්බන්ධයෙන් අභියාචනාධිකරණයේ තීරණය අද (04) දිනයේ ප්‍රකාශයට පත්වීමට නියමිත අතර යම් හෙයකින් එම තීන්දුව ගොතබයට අවාසිදායක වුවහොත් ඔහුට එරෙහිව ඇමරිකාවේදී නඩු පැවරීමේ සුදානමක් ඇතැයි 'ලංකා ඊ නිව්ස්' වාර්තා කරයි.

''ගෝටා හොරවැසියෙකැයි තීන්දු වුවහොත් ඔහු හිරේ යන්නේ ඇමරිකාවේ බව ඔබ දන්නවාද? දැනටමත් නිව්යෝර්ක්හි නඩු දෙකක් සූදානමින්..!'' යන ශීර්ෂයෙන් පළකර ඇති එම වාර්තාවේ මෙසේද සඳහන්වේ.

රාජපක්ෂ පවුලේ අහිංසකම එකා තමා යැයි කියා ගන්නා නන්දසේන ගෝටාබයගේ ඉරණම විසඳෙන දිනය අදයි. ඔහු මෙසිරි ලංකාවේ හොරවැසියෙක්ද? පුරවැසියෙක්ද? යන්න ලංකාවේ අභියාචනාධිකරණය විසින් අද තීන්දු කර විසඳන නමුත් ඊටත් වඩා ප්‍රශ්නයක් අද තීන්දුවත් සමග ඔහුගේ පියබිම වන ඇමරිකාවේ ආරම්භ වනු ඇත.

ඉන් ඔහු ඇමරිකානු නීතිය යටතේ වරදකරුවෙකු වී දඬුවම් ලැබීම සල්ලි කප්පරක් ලැබුනත් රොමේෂ් සිල්වාට නම් වැළැක්විය නොහැකිය. සිද්ධිය මෙසේය.

අද තීන්දුවෙන් ගෝටාබය නීත්‍යාණුකූල ලෙස ලංකාවේ ද්විත්ව පුරවැසිභාවය ලබා නැතැයි ඔහු ලංකාවේ හිඳ ඇත්තේ හොරවැසියෙක් ලෙස යැයි කියා තීන්දු කළහොත් ඔහුට එරෙහිව නිව්යෝර්ක් අධිකරණයේ නඩු දෙකක් පැවරීමට සැබෑ දේශප්‍රේමී ලාංකිකයන් පිරිසක් සූදානමින් සිටිති.text 25

නඩු දෙකට අදාල නඩු නිමිත්ත !

ඒ නඩු දෙකට අදාල නඩු නිමිත්ත මෙසේය.

ගෝටාබය ලංකාවේ ද්විත්ව පුරවැසිභාවය නීත්‍යානුකූල ලෙස ලබා නැතිනම් ඔහුට ඇත්තේ ඇමරිකානු පුරවැසිභාවය පමණි. ඒ අනුව ඔහු තම ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කර ගැනීම සඳහා පසුගිය අප්‍රේල් 17 වෙනිදා එරට ආණ්ඩුවට ඉදිරිපත් කර ඇති ඉල්ලුම්පත අනුව ඔහුගේ ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කිරීම ප්‍රශ්න ගත වනු ඇත.

මන්ද යත් ඔහු එවිට රටක් අහිමි පුද්ගලයෙකු වන බැවිනි. ඇමරිකානු නීතිය අනුව ඔවුන් තම පුරවැසියෙකුට රටක් අහිමි පුද්ගලයෙකු වීමට ඉඩ දෙන්නේ නැත. ඒ අනුව නිව්යෝර්ක්හි පවරන පළමු නඩුව වන්නේ ඔහු දැනට ඉදිරිපත් කර ඇති ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කර ගැනීමේ ඉල්ලුම් පත ක්‍රියාවට නැගීම අත්හිටුවන ලෙස එරට රාජ්‍ය දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටින නඩුකරයකි.

ඇමරිකානු ආණ්ඩුවට ව්‍යාජ තොරතුරු සැපයීම :

දෙවැනි නඩුව වන්නේ ඔහු තමාට ලංකාවේ පුරවැසිභාවය තිබෙන බැවින් ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කරන්නැයි ඉල්ලන ඉල්ලුම්පතේ දී ඇමරිකානු ආණ්ඩුවට ව්‍යාජ තොරතුරු සපයා තිබෙන බව අද ලංකාවේ නඩු තීන්දුවෙන් සනාථ වීම නිසා ඇමරිකානු රජයට සිතා මතා ව්‍යාජ තොරතුරු සපයා රාජ්‍යය නොමග යැවීමට කටයුතු කිරීමට එරෙහිව ගෝටාබයට එරෙහිව පවරන අපරාධ නඩුවකි.

එරට රාජ්‍යය නොමග යැවීම යනු අපරාධ වරදකි. ඊට දඩ සහ සිර දඬුවම් විඳීමට සිදුවනු ඇත.

text26මීට සමාන චෝදනාවක් නගමින් රාජපක්ෂ ඥාතී ජාලිය වික්‍රමසූරියට එරෙහිව වොෂින්ටන්හි සහකාර නීතිපතිවරුන් දෙදෙනෙකු පසුගිය 2018 දෙසැම්බර් 21 දා වොෂින්ටන් අධිකරණයේ නඩු පැවරූහ. අංක 1:18-cr-00120 දරණ ඒ නඩුවේ තුන්වන චෝදනාව වන්නේ ඔහු ඇමරිකාවට ඇතුළු වීමට වීසා අයැදුම් කිරීමේ දී එරට රාජ්‍යයට අසත්‍ය තොරතුරු සැපයීමයි.

 මුදල් විශුද්ධිකරණ චෝදනා !

එකී තුන්වන චෝදනාව නැගෙන්නේ 1 හා 2 චෝදනා වන වංචාව මුදල් විශුද්ධිකරණය චෝදනා හේතුවෙනි. ඒ අනුව අද අභියාචනාධිකරණ තීන්දුවෙන් ඔහු හොරවැසියෙකු යන්න තීන්දු කළහොත් ගෝටාබයට ද ජාලියට සේම ඔහුගේ ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කර ගැනීමට කරන ලද ඉල්ලුම් පත්‍රයෙන් ඇමරිකානු ආණ්ඩුවට අසත්‍ය තොරතුරු සැපයීම යන අපරාධ චෝදනාව නිතැතින්ම නැගෙනු ඇත.

රොමේෂ් සිල්වාගේ අප්පා වලෙන් ගොඩ ආවත් එය වැළැක්විය නොහැකිය.  ගෝටා සිහින ජනාධිපතිවරයෙකු වී ඇමරිකාවේ හිරගෙදරක සිටීමට සිදුවුනොත් පුදුම විය යුතු නැත.

(චන්ද්‍රප්‍රදීප් -ලංකා ඊ නිව්ස් -2019.ඔක්.04) 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න