ගෝඨාට බැරිම නම් දිනේෂ් හෝ චමල්

ගෝඨාට බැරිම නම් දිනේෂ් හෝ චමල්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (පොහොට්ටු පක්ෂය) ජනාධිපති අපේක්ෂක ගෝඨාබය රාජපක්ෂ ශ්‍රී ලාංකික පුරවැසියෙක් ලෙස පිළිගැනීම වැලැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනු කර තිබූ පෙත්සම සම්බන්ධයෙන් අභියාචනාධිකරණයෙන් අවාසිදායක තීන්දුවක් ලැබුනහොත් ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට සුදානමින් සිටින්නැයි විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ විසින් ඒකාබද්ධ විපක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයකු වන දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයාට දැනුම් දී ඇත.

කෙසේවුවද සති අන්ත පුවත්පතක් වාර්තා කර ඇත්තේ, අධිකරණය විසින් ගෝඨාබය රාජපක්ෂට අවාසිදායක තීන්දුවක් ලැබුනහොත් ඊට විපල්පයක් වශයෙන් රාජපක්ෂ පවුලේ වැඩිමල් සහෝදරයා වන චමල් රාජපක්ෂ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සාකච්ජා පවත්වා ඇති බවයි.

පොහොට්ටු පක්ෂයේ අපේක්ෂකයා ලෙස ගෝඨාබය රාජපක්ෂ සඳහා මේවනවිට ඇප මුදල් තැම්පත් කර ඇති හෙයින්, ඔහුට ඉදිරිපත්වීමේ යම් බාධාවක් මතුවුහොත් විකල්ප අපේක්ෂකයා ලෙස දිනේෂ් ගුණවර්ධන හෝ චමල් රාජපක්ෂ ඉදිරිපත් කිරීමට නියමිතව ඇත්තේ ස්වාධින අපේක්ෂකයකු ලෙසය.

ඔවුන් දෙදෙනාම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හෙයින් එසේ ස්වාධීනව ඉදිරිපත්වීමේ අවස්ථාව හිමිවේ.

චමල් රාජපක්ෂට රාජයෝගයක් ඇතයි ප්‍රවීන ජෝතිෂ්‍යයවේදී ආචාර්ය සුජිත් නිශාන්ත පසුගියදා අනාවරණය කළේය.

 ගෝඨාබය 'මහජන වේදිකාවේ' නැහැ: රෝගී තත්වයෙන් !

ගෝඨාබය රාජපක්ෂ ඔහුට එරෙහිව ක්‍රියාත්මක නඩු සම්බන්ධයෙන් බලවත්සේ මානසික පීඩනයකට ලක්ව සිටින බවත් හෘද රෝගියකු වන ඔහුව වෛද්‍ය ප්‍රතිකාර සඳහා වහාම සිංගප්පුරුවට ගෙනයාමට නියමිත බවත් 'පොහොට්ටු' පක්ෂයේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

එම තත්වය තුළ, හෙට (05) කොළඹ ගෘහස්ත ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිත 'මහජන වේදිකාවට' ගෝඨාබය රාජපක්ෂ සහභාගිවන බවක් මේ දක්වා ප්‍රකාශයට පත්කර නොමැත.

ජනාධිපති අපේක්ෂකයින් එකම වේදිකාවකට කැඳවන 'මහජන වේදිකාව' වැඩසටහනට පොහොට්ටු පක්ෂයේ ගෝඨාබය රාජපක්ෂ, ජනතා විමුක්ති පෙරමුණේ අනුර කුමාර දිසානායක, එක්සත් ජාතික පෙරමුණේ සජිත් ප්‍රේමදාස, ජාතික ජනතා ව්‍යාපාරයේ ජෙනරාල් මහේෂ් සේනානායක, ශ්‍රී ලංකා සමාජවාදී පක්ෂයේ අජන්තා පෙරේරා, ජාතික සංවර්ධන පෙරමුණේ රොහාන් පල්ලෙවත්ත, ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පක්ෂයේ ආරියවංශ දිසානායක, එක්සත් සමාජවාදී පක්ෂයේ සිරිතුංග ජයසුරිය යන ජනාධිපති අපේක්ෂකයින්ට ආරාධනාකර ඇත.

එම වැඩසටහන සංවිධානය කරනු ලබන්නේ මාර්තු 12 ව්‍යාපාරය විසිනි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න