දෙමළ මුස්ලීම් ජාතීන් සුළු ජාතීන් නොව සෙසු ජාතීන් - සජිත්

දෙමළ මුස්ලීම් ජාතීන් සුළු ජාතීන් නොව සෙසු ජාතීන් - සජිත්

ශ්‍රී ලාංකීය දෙමල, මුස්ලිම්, බර්ගර්, මැලේ ජාතිකයින් සුළු ජාතින්  ලෙස හැඳින්වීම නොසුදුසු බවත් තමා විසින් ඔවුන්ව හඳුන්වන්නේ 'සෙසු ජාතින්' ලෙස බවත් එජාපෙ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා පවසයි. 

ඔහු එබව කියා සිටියේ පෙරේදා (03) රාත්‍රී කොළඹ 'රමාඩා' හෝටලයේ පැවති සුහඳ හමුවකදීය. මුස්ලිම් විද්වත් තරුණ සංවිධානයක් විසින් එම හමුව සංවිධානය කර තිබිණ.

'' ත්‍රස්තවාදයට කිසිඳු ඉඩක් නොදිය යුතු බව මෙහිදී පෙන්වා දුන් සජිත් අමාත්‍යවරයා,  ''කොටින්ම කිව්වොත් ත්‍රස්තනාදය විනාස කරන්න ඕනේ'' යයි අවධාරණය කර සිටියේය.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ සජිත් අමාත්‍යවරයා මෙසේ ද පැවසිය.

''දැන් මට ඇහුනා බොහෝ තැන්වල සුළු ජාතීන් කියන වචනේ පාවිච්චි කරනවා. මම කියන්න කැමති මම සුළු ජාතීන් කියන වචනේ පාවිච්චි කරන්නට යන්නේ නැහැ. මම ඔවුන්ව හඳුන්වන්නේ සෙසු ජාතීන් කියලා. මේ රටේ ජිවත්වන හැම පුරවැසියෙකුටම අභිමානයක් තිබෙනවා. සුළු කිව්වම නිකන් පහතට හෙලනවා වගේ මේ මට එන හැගීම. 

විශේෂයෙන්ම මම කියන්න කැමති සජිත් ප්‍රේමදාස පාලනයක් තුළ මම විශ්වාස කරන ආකාරයට මම අනුගමනය කරන ප්‍රතිපත්තී මම බොහොම එලිපිට මගේ පපුවෙන්ම ඔයාලාට ප්‍රකාශ කරන්න කැමතියි.

 අපි අපේ රට ආරක්ෂා කරන්න ඕනේ. මේක එක්කෙනෙකුගේ  දෙන්නෙකුගේ පවුලක රටක් නෙවෙයි . ඔබගෙත් මගෙත් අපි සියලු දෙනාගේම රට. මේ රටේ ජාතික ආරක්ෂාව අති වැදගත් කාරනාවක්. ජාතික ආරක්ෂාව ශක්තිමත් කරන්නට අපි හැම විටම කටයුතු කරන්නට ඕනේ. 

ත්‍රස්තවාදය හෝ වේවා වෙනත් බලවේග හෝ වේවා අපේ රට රුකගන්න ඕන රටේ ජනතාව රැක ගන්නට ඕනේ මම කියනවා තමුන් වහන්සේලාට අපි ත්‍රස්රස්තවාදය විනාස කරන්න ඕනේ.  

හැබැයි මිත්‍රවරුනි සමහරෙක් හිතාගෙන ඉන්නවා මේ ත්‍රස්තවාදය විනාස කරනවා කියන්නේ මුළු ජාතියක්ම විනාස කියන එක, මුළු ආගමක්ම විනාස කරනවා කියන එක. ඒක මහා මෝඩ සිතුවිල්ලක්, මහා බොලද සිතුවිල්ලක්. ඇයි මම එහෙම කියන්නේ ඔය සෙසු ජාතීන් විනාස මුඛය කරා ගෙන යනකොට ජාතික ආරක්ෂාව තහවුරු වෙනවද? පල්ලි කඩනකොට දේවස්තාන කඩනකොට කොවිල් කඩනකොට රටේ ස්වෛරීත්වය ශක්තියක් ලැබෙනවද ? ඒක මනුස්සකමද? මනුෂ්‍යත්වයද?                                                                                   Sajith text 05නැහැ, මිත්‍රවරුනි ජාතික ආරක්ෂාව ශක්තිමත් කරන්නට නම් එක පැත්තකින් අපේ ත්‍රීවිඩ හමුදාව, පොලීසිය, සිවිල් ආරක්ෂක බලකාය වැනි ආරක්ෂක ක්ෂේත්‍රය අපි ශක්තිමත් කරන්නට ඕනේ. විදේශ පුහුණු වලට යවන්නට ඕනේ නූතන ත්‍රස්තවාදය හදුනා ගන්නට ඕනේ. 

නූතන ත්‍රස්තවාදය මේ භූමියක් අල්ල ගන්න කරන ත්‍රස්තවාදයක් නොවේ. කුමන ජාතීකයින් කුමන ආගමක් සම්බන්ධ කරගෙන මේ ත්‍රස්තවාදය ක්‍රියාත්මක කරත් අපි ඒක මැඩ පවත්වන්නට ඕනේ. කොටින්ම කිව්වොත් ත්‍රස්තනාදය විනාස කරන්න ඕනේ. 

හැබැයි ත්‍රස්තවාදය විනාස කරනවා කියන්නේ පල්ලි කොවිල් දේවස්තාන විනාස කරනවා කියන එක නෙ‌වෙයි. යම් ආගමකට සම්බන්ධ යම් ජාතීයකට සම්බන්ධ ජන කොට්ඨාසයක් සම්පූර්ණයෙන්ම විනාස කිරීම තුළින් ඒ ජාතික ආරක්ෂාව තහවුරු වෙන්නේ නැහැ. එතනදි  තව තවත් ත්‍රස්තවාදයට හොද භූමියක් නිර්මාණය කරනවා ත්‍රස්තවාදය වර්ධනය කරනවා.''

මෙම සුහඳ හමුවට මුදල් අමාත්‍ය මංගල සමරවීර මෙන්ම ආණ්ඩුව නියෝජනය කරන මුස්ලිම් ජාතික මැති ඇමතිවරුන්ද සහභාගී වී සිටියේය.

Sajith Ramada

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න