Language Switcher

V2025

පොහොට්ටුව දිනුවොත් අපිව මරයි : වැලිකන්දේ ශ්‍රීලනිප පාක්ෂිකයන් හඬා වැටෙයි !

අද (08) පොළොන්නරුවේ වැලිකන්ද ප්‍රදේශයේ සංචාරයක නිරත ජනාධිපති සිරිසේන හමුවී ඇති එම ප්‍රදේශයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ක්‍රියාකාරීන් කුමන හේතුවක් මතවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පොදුජන පෙරමුණ අතර සන්ධානයක් වෙත නොයන ලෙස ජනාධිපතිවරයා වෙතින් ඉල්ලා ඇති බව වාර්තා වෙයි.
 
පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් පසුව තමන්ට ගම් ප්‍රදේශ වලදී පොදුජන පෙරමුණ ක්‍රියාකාරීන් දැඩි පීඩා හිරිහැර සිදුකල බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා ලෙස ජනාධිපතිතුමා නොසිටින්න ඇතැම් ශ්‍රීලනිප ක්‍රියාකාරීන්ගේ ජීවිත පවා නැතිවීමට ඉඩතිබු බවත් එහිදී ඔවුන් හැඬු කඳුලින් පවසා ඇති බවත් වාර්තා වෙයි.
 
මේ සම්බන්ධව newstube.lk   ජනාධිපතිට සමීප නිලධාරියකු වෙතින් සිදුකල විමසුමේදී ඔහු ඒ බව සනාථ කළ අතර තමන් ජීවිත තර්ජන හමුවේ රැකගත් පක්ෂය සහ එහි ප්‍රතිපත්ති යළිත් වරක් රාජපක්ෂ ඒකාධිපති  පවුල් පාලනයක් වෙත නතුවීමට ඉඩනොදී රැකගන්න කියමින් ජනතාව ජනාධිපතිවරයා වෙත දැඩි බලපෑමක් සිදුකල බවත් ඔහු පැවසීය.
 
එසේම පක්ෂයේ ඉහළින් සිටින පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයෙන් පවා ජයගැනීමට අසමත් වුවන් ජනාධිපතිවරයාගේ පිහිටෙන් පාර්ලිමේන්තුවට පැමිණ පක්ෂය වැනසීමට කටයුතු කරන බවත් , ඔවුන් ඉවත්කර හෝ පක්ෂය ගොඩනැගීමට ජනාධිපතිවරයා සූදානම් නම් බිම්මට්ටමේ සිටින ජනතාව ලෙස තමන් දෙවරක් ඊට සූදානම් බව එම ජනතාව පැවසූ බවත් වාර්තා වෙයි.
 
එහිදී තමන් පක්ෂය සහ පාක්ෂිකයන් මෙන්ම රට ගැනද සිතා තීන්දුවක් ගැනීමට අපේක්ෂා කරන බවට ජනාධිපතිවරයා එම ජනතාවට  දැන්වූ  බවත් අදාළ නිලධාරියා පැවසීය.
 
මේ අතර පසුගියදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරුන් කැඳවා පොදුජන පෙරමුණ සමඟ සන්ධානගතවීම සම්බන්ධව ජනාධිපතිවරයා විසින් ලිඛිත ප්‍රශ්නාවලියක් හරහා තොරතුරු රැස්කර ඇති අතර එහිදී ආසන සංවිධායකවරුන් අති බහුතරයක් යෝජිත සන්ධානයට විරෝධය දක්වා එවැන්නක් ඇතිවුවහොත් එය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අවසානය වනු ඇති බවට සඳහන් කර තිබෙන බවත් වාර්තා වෙයි.