'දේශපාලන සංදර්ශන එපා; අර්ජුන ගත්තේ ඡන්දේ දිනන්නද' ? - ඇමති අකිල අසයි

'දේශපාලන සංදර්ශන එපා; අර්ජුන ගත්තේ ඡන්දේ දිනන්නද' ? - ඇමති අකිල අසයි
 
පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ සභාපති  අර්ජුන් ඇලෝසියස් මහතා අත්අඩංගුවට ගැනීමට වසරකට අධික කාලයක් ගත කළේ කුමක් නිසා දැයි  එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය මහා ලේකම් සහ  අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රශ්න කර සිටියි.
 
ශ්‍රී ලංකා මහා බැංකු බැඳුම්කර නිකුත් කිරීමේ සිද්ධියට අදාළව පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ගිණුම් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නියෝග මත අත්හිටුවා වසරකට අධික කාලයක් ගත වුවද සමාගමේ සභාපති  අර්ජුන් ඇලෝසියස් අත්අඩංගුවට ගැනීමට කිසිඳු පියවරක් නොගැණුනු බවද අමාත්‍යවරයා කියා සිටියි.
 
එක්සත් ජාතික පක්‍ෂ නියෝජ්‍ය මහා ලේකම් සහ අධ්‍යාපන  අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා මේ බව පවසා ඇත්තේ  'lankanewsweek' වෙත විශේෂ ප්‍රකාශයක් ලබා දෙමිනි.
 
පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්‍ෂ අර්ජුන් ඇලෝසියස්  අත්අඩංගුවට ගැනීමට හැකි පසුබිම සකස් කර තිබුණද වසරකට වැඩි කාලයක් ඔහු අත්අඩංගුවට නොගෙන සිට මේ අවස්ථාවේදී ඒ පියවර ගත්තේ සෙනසුරාදා(10) පැවැත්වෙන පළාත් පාලන මැතිවරණය අරමුණු කර ගෙන දැයි අකිල විරාජ් කාරියවසම් මහතා එහිදී විමසා ඇත.
 
වසරක් තිස්සේ නොගත් පියවරක් පළාත් පාලන මැතිවරණය කට උඩට පැමිණි පසු ක්‍රියාත්මක කිරීම තවත් එක් දේශපාලන සංදර්ශනයක කදිම නිදසුනක් බවද එක්සත් ජාතික පක්ෂයේ  මහලේකම්වරයා වැඩිදුරටත් අවධාරණය කර සිටියි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න