වාහන Dash Boardවල බුදු පිලිම තහනම: 'ගොට්ටන්ගේ මඩක්' 

වාහන Dash Boardවල බුදු පිලිම තහනම: 'ගොට්ටන්ගේ මඩක්' 

මෝටර් රථයක සවිකර තිබූ බුදු පිළිමයක් ඉවත් කරන ලෙසට රථ වාහන පොලිස් නිලධාරියෙකු විසින් දැනුම් දුන් බවට සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ පල වූ පුවත් මුළුමනින්ම අසත්‍ය බව පොලිසිය විසින් නිකුත්කල නිවේදනයක සඳහන්වේ.

සමාජ ජාලා තුල හුවමාරු වු ඉෂ්ඨ දේවතා රූපයට දඩ කොළය ලිවීමේ සිද්ධිය වැරදි අර්ථකථනයක් බවත් පොලිස් නිලධාරියා එසේ දන්වා නොමැති බවත් පොලිස් මුලස්ථානය සිය නිවේදනය මගින් කියා සිටියි.

පසුගිය දිනක පුද්ගලයෙකු විසින් සමාජ මාධ්‍ය ජාලා වෙත වීඩියෝ පටයක් නිකුත් කර තිබූ අතර, එය තුල අන්තර්ගතව තිබුණේ යම් රථ වාහන පොලිස් නිලධාරියෙකු විසින් මෝටර් රථයේ ඉදිරියේ ඇති කුඩා බුදු පිළිමයක් ඉවත් කරන ලෙස දැනුම් දුන් බවයි.

එම වීඩියෝව ජනාධිපති අපේක්ෂක ගෝඨාබය රාජපක්ෂට හිතවත් සමාජ මාධ්‍ය විසින් ආණ්ඩුවට එරෙහිව පුළුල් ආකාරයෙන් ප්‍රචාරය කර තිබිණ.

මේ සම්බන්ධයෙන් පොලිස්පතිගේ නියමය මත පොලිස් මුලස්ථානයේ රථ වාහන පාලන හා මාර්ග ආරක්ෂාව පිළිබඳ අධ්‍යක්ෂ ඉන්දික හපුගොඩ විසින් විමර්ශනයක් සිදු කර තිබෙන අතර ඒහිදි  අනාවරණය වී ඇත්තේ ප්‍රධාන වින්ස්ක්‍රීනය අවහිර ව ලෙස මැද කණ්නාඩියේ පහතට වැටෙන ලෙස සවි කර තිබු මල්මාලා ඉවත් කිරීමට අදාළ පොලිස් නිලධාරියා විසින් උපදෙස් ලබා දී ඇති බව පොලිස් මුලස්ථානය පවසයි.

මෙම විමර්ශනවලට අදාළව අදාළ පුද්ගලයාගේ ප්‍රකාශයට අමතරව තවත් 4 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කර ගෙන ඇත.

අදාළ පුවත මඟින් ජාතීන් අතර, ආගම් අතර විසංවාදය, වෛරය ඇති වන ආකාරයට කටයුතු කර තිබෙන බවට බැලූ බැල්මට පෙනෙන බැවින් එම පුවත පළ කළ පුද්ගලයා හා චේතනාන්විතව සමාජ මාධ්‍ය ජාලා හරහා එය බෙදා හරින ලද පුද්ගලයින්ට එරෙහිව 2007 අංක 56 දරණ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ අන්තර්ජාතික සම්මුතික පනතේ 3 වන වගන්තිය යටතේ වරදක් සිදුකර ඇද්දැයි විමර්ශනයක් ආරම්භ කර ඇති අතර එම විමර්ශනය මඟින් අනාවරණය වන කරුණු අනුව අධිකරණ ක්‍රියා මාර්ග ගැනීමට නියමිත බවද පොලීස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි..

dada
දඩ කොලය

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න