මාධ්‍යවේදීන්ගේ නිවාස සහ ඉඩම් ප්‍රශ්නය විසඳනවා : සජිත්ගෙන් සහතිකයක් !

මාධ්‍යවේදීන්ගේ නිවාස සහ ඉඩම් ප්‍රශ්නය විසඳනවා : සජිත්ගෙන් සහතිකයක් !

තමන් ජනාධිපතිවීමෙන් පසුව මාධ්‍යවේදීන්ගේ ඉඩම් හා නිවාස ප්‍රශ්නය විසඳන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධුර අපේක්‍ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස පවසයි.

ඔහු මේ බව සඳහන් කර සිටියේ  අද (22) කොළඹ පදනම් ආයතනයේ පැවැති ‘ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදීයෝ ‘සංවිධානයේ සමුළුව අමතමින්ය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධුර අපේක්‍ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මාධ්‍යවේදීන්ගේ සුභසාධනය ඇති කිරීමේ වැදගත්කම තමා හඳුනාගෙන තිබෙන බවත්, ඔවුන්ගේ වෘත්තීය සුරක්‍ෂිතතාව සඳහා තිරසර සමාජ ආරක්‍ෂණ ක්‍රමයක් ඇති කරන බවත් සඳහන් කළේය.

තමා කිසිදු අවස්ථාවකදී පැසිස්ට්වාදී ලෙස හිට්ලර් පන්නයේ හැසිරීමක් පෙන්නුම් කර නොමැති බවත්, නොවැම්බර් 16 වැනිදායින් පසු මාධ්‍ය ක්‍ෂේත්‍රයේ නිදහස තවත් ශක්තිමත් කරන බවත් ඔහු  ප්‍රකාශ කළේය.

නීති ගෙනවිත් මාධ්‍ය ක්‍ෂේත්‍රයේ නිදහසට ඇඟිලි නොගසන බවත්, මාධ්‍ය නියාමනය කිරීමට රජය මැදිහත් නොවන බවත් හෙතෙම පැවසීය.

මාධ්‍ය පාලනය කිරීම සඳහා නීති හඳුන්වාදුනහොත් එහි සීමාවක් ඇති නොවන බවත්, මාධ්‍ය ක්‍ෂේත්‍රය තුළ ස්වයං නියාමනයක් ඇති කර ගැනීම වැදගත් වන බවත් පැවසු ඔහු  ජාත්‍යන්තර තලයේ මාධ්‍ය පුහුණු මධ්‍යස්ථානයක් ආරම්භ කරන බවත්, මෙරට මාධ්‍යවේදීන්ට විදේශීය කුසලතා සහිත මාධ්‍යවේදීන් සමග සමීප සබඳතා ඇති කර ගැනීමට එමගින් අවස්ථාව ලැබෙනු ඇති බවත් සඳහන් කළේය.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න