උතුරේ ජන්ද වර්ජනයකට : නාමල්  අත දිගහැර සල්ලි විසිකරයි !

උතුරේ ජන්ද වර්ජනයකට : නාමල්  අත දිගහැර සල්ලි විසිකරයි !

උතුරු පළාතේ ජන්ද වර්ජනයක් දියත්කරවීම ඉලක්ක කරගෙන පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ, ලක්සල හිටපු සභාපති  අනිල් කොස්වත්ත ඇතුළු පිරිසක් උත්සාහ දරමින් සිටින බව උතුරේ දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.

මේ පිරිස පසුගිය සමයේ උතුරු දකුණු මිත්‍රත්වය ඇති කිරීමට කියමින් පොදුජන පෙරමුණේ සිංහල තරුණ තරුණියන් යොදවා  යාපනය ඇතුළු උතුර ප්‍රදේශයේ තරුණ තරුණියන් එක්කර විවිධ වැඩසටහන් සිදුකල අතර එම පිරිස්ද  උතුරු ප්‍රදේශයේ ජන්ද වර්ජනය කරවීමේ ප්‍රචාරක කටයුතු සඳහා යොදාගැනීමේ සූදානමක් ඇති බවද එම ආරංචිමාර්ග සඳහන් කරයි.

එසේම ජන්ද වර්ජනය කරවීම ප්‍රචාරය කිරීමට ඉදිරිපත්වන සංවිධාන සහ ක්‍රියාකාරීන් සොයමින් සිටින මේ පිරිස ඒ සඳහා අවශ්‍ය තරම් මුදල් වියදම් කිරීමේ සූදානම ගැනත් පොදුජන පෙරමුණේ ක්‍රියාකාරීන් ස්වල්ප දෙනා යොදවා ඇති බවත් වාර්තා වෙයි.

තවද පසුගිය ඔක්තෝබර් 19 වනදා යාපනය Green Grass හෝටලයේදී යාපනය නගරාධිපති එමානුවෙල් ආර්නෝල්ඩ් මුණගැසී ඇති පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ උතුරේ ජන්ද වර්ජනය කරවීමට සහය ඉල්ලා ඇති නමුත් නගරාධිපතිවරයා එම ඉල්ලීම දැඩිව ප්‍රතික්ෂේප කර ඇති බවත් වාර්තා වෙයි.

සජිත්ගේ ජන්ද කඩන්න : ශිවාජිලිංගම් දැම්මෙත් බැසිල් !

උතුරු පළාත් හිටපු පළාත් සභා මන්ත්‍රී එම්.කේ.ශිවාජිලිංගම් මෙවර ජනාධිපතිවරණ සටනට ඉදිරිපත් කිරීමට කටයුතු කර ඇත්තේ 'පොහොට්ටු' පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ විසින් බව තහවුරුව ඇති අතර ඔහුද මේ වන විට සිය ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු සිදුකරමින් සිටින්නේ යාපනයේ  ප්‍රමුඛ දමිල ජනතාව ප්‍රධාන අපේක්ෂකයන්ට ජන්දය නොදී විරෝධය දැක්විය යුතු බව දක්වමින්ය.

ඒ බව පසුගියදා ශිවාජිලිංගම් විසින් රාවය පුවත්පතට ලබාදී ඇති ප්‍රකාශයකද සඳහන් කර ඇත.

එහිදී ඔහු පවසා ඇත්තේ තමන්ට ජන්දය දීමට අකමැති අය , ප්‍රධාන අපේක්ෂකයන්ටද ජන්දය ලබානොදී වර්ජනය කරන ප්‍රවණතාවක් ඇති බවයි.

 

 

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න