ගෝඨා බේරන සටනට  ඥානසාර හිමිත් වඩියි : සුමන්තිරන්ට එරෙහි ප්‍රහාරයකින් වැඩ අරඹයි !

ගෝඨා බේරන සටනට  ඥානසාර හිමිත් වඩියි : සුමන්තිරන්ට එරෙහි ප්‍රහාරයකින් වැඩ අරඹයි !

''අපි දෙකින් එකක් හොඳින් හෝ නරකින් විසඳාගන්න ඕනෑ. තව මාසයකින් ඒ දෙයට මේ රටේ මිනිස්සු ලෑස්තියි'' යයි බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්ඩිත පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පවසති.

උන්වහන්සේ පසුගියදා  එම අදහස් පළ කළේ නාවල පාර රාජගිරියේ පිහිටි ශ්‍රී සද්ධර්මරාජිත විහාරස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදීය.

දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් ඇතුළු ඉවැන්ජලිකල් කල්ලිවලට තවදුරටත් යටත් විය නොහැකි බවත් ඔවුන් වපුරන අන්තවාදය හොඳින් හෝ නරකින් කඩිනමින් ඉවත් කළ යුතු බවත්, මේ වනවිට ආණ්ඩු ඇතුළේ තවත් ආණ්ඩුද නීතිය ඇතුළේ තවත් නීති ද ඇති බවත් මෙම තත්ත්වය වෙනස් කිරීමට රටේ ජනතාව එළැඹෙන මාසයේ කටයුතු කරනු ඇති බවත් උන්වහන්සේ එහිදී කීහ.

පසුගිය මැතිවරණවල දී රාජපක්ෂවරුන්ට ප්‍රසිද්ධියේ සහය පලකල බොදු බලසේනා සංවිධානය, මෙවර ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු මෙතෙක් නිහඬ ස්ථාවරයක සිට කටයුතු කලද ඊයේ යලි කරලියට පැමිණියේ 'පොහොට්ටුවේ' ජනාධිපති අපේක්ෂක ගෝඨාබය රාජපක්ෂ මේවනවිට යම් තරමකින් පසුබෑමකට ලක්ව තිබීම නිසා බව එම සංවිධානයේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

මුලතිව් ගුරුකන්ද විහාරස්ථානයේ දායක සභාවේ ලේකම් වන මානික් කරුණාරත්න ද එක්කර ගනිමින්, පැවති මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ පූජ්‍ය  ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ මෙසේද කීහ.

''අද මෙම සමුළුවට එක්වී ඇති මුලතිව් ගුරුකන්ද විහාරස්ථානයේ දායක සභාවේ ලේකම් වන මානික් කරුණාරත්න  මෙහි පැමිණ තිබෙන්නේ ඒ මහත්මයාගේ මාපියන් අභාවප්‍රාප්තවී ඇති අවස්ථාවකදීයි. එතුමා එතරම්  කැපකිරීමක් කර තමයි පැමිණියේ. මුලතිව් හි සිදුවන ඇත්ත තත්ත්වය රටට කියන්න.

ඇත්තෙන්ම උතුරේ පොලිසිය කටයුතු කරන ආකාරය ඔවුන්ගේ බැරිබැරියාව දුටුවිට පෙනෙන්නේ උතුරේ තිබෙන්නේ වෙනම රාජ්‍යයක් බවයි. නීතියට ඕනෑවට වඩා හිස නමන්න බැහැ. ඊට වඩා හොඳයි මුහුදේ පැනලා සිය දිවි නසා ගන්න එක.

හිර ගෙදර ගිය අපිට ආපහු හිරේ යන එක මහ වැඩක් නෙවෙයි. නීතිය කරන අයට අපි කියන්නේ සිදුවීම හරියට බලලා කටයුතු කරන්න කියලයි.

මේ වනවිට බෙදුම්වාදයට උතුර යටපත් වෙලා ඉවරයි. අපි වගකිවයුතු අයගෙන් ඉල්ලන්නේ බෙදුම්වාදය ලප්තැනම ලොප් කරන ලෙසයි දැන් ටී. එන්. ඒ. වෙනම කොන්දේසි දැම්මත් ඔවුන් ඇත්තටම උතුරේ වෙනම රාජ්‍යයක් පවත්වාගෙන යනවා.

සුමන්තිරන්ට මෙහේ ඇවිත් සෙට් දාගෙන උසාවි ගානේ යන්න පුළුවන්. සම්බන්දන්ට කොළඹ ඇවිත් සේරම කරගෙන යන්න පුළුවන්. ඔවුන් අනුරාධපුරය පැන්න ගමන් අපිට දාන ‘පූස්’ පාට් මොනවද, මේවට ඉඩ දෙන්න පුළුවන්ද. ඇත්තටම මේ අන්තවාදීන් අපිට මොක්කුද?  

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න