අනතුර හඳුනාගනී : ජයම්පතිලා සජිත්ට සහයදීමට තීරණය කරයි !

අනතුර හඳුනාගනී : ජයම්පතිලා සජිත්ට සහයදීමට තීරණය කරයි !

ශ්‍රී  ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයට ගෝඨාබය රාජපක්ෂගෙන් සහ ඔහු පිටුපස සිටින අන්තවාදී බලවේගවලින් මතුවී ඇති පැහැදිලි සහ ආසන්න අනතුර සලකා බලා, ගෝඨාභය රාජපක්ෂ පරාජය කිරීමට වැඩිම හැකියාව ඇති හංසයා ලකුණෙන් ඉදිරිපත්වන නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ අපේක්ෂකයාට සහාය දෙන ලෙස එක්සත් වාමාංශික පෙරමුණේ මධ්‍යම කාරක සභාව පාක්ෂිකත්වයෙන් සහ ජනතාවගෙන් ඉල්ලා සිටී.

ජනාධිපති නීතිඥ ආචාර්ය ජයම්පති වික්‍රමරත්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ජාතික සංවිධායක ධූරය දරන 'එක්සත් වාමාංශික පෙරමුණ' මිට ඉහතදී තීරණය කර තිබුනේ, ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායකට ඡන්දයදී ගෝඨාභය රාජපක්ෂ පරාජය කිරිමීට වැඩිම හැකියාව ඇති අපේක්ෂකයාට දෙවෙනි මනාපය දීමටය.

කෙසේවුවද පසුගියදා  රැස්වූ එම පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමේදී පහත යෝජනාව සම්මත කරගෙන ඇත.

''ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයට ගෝඨාභය රාජපක්ෂගෙන් සහ ඔහු පිටුපස සිටින අන්තවාදී බලවේගවලින් මතුවී ඇති පැහැදිලි සහ ආසන්න අනතුර සලකා බැලූ එක්සත් වාමාංශික පෙරමුණේ මධ්‍යම කාරක සභාව ගෝඨාභය රාජපක්ෂ පරාජය කිරීමට වැඩිම හැකියාව ඇති හංසයා ලකුණෙන් ඉදිරිපත්වන නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ අපේක්ෂකයාට සහාය දෙන ලෙස පාක්ෂිකත්වයෙන් සහ ජනතාවගෙන් ඉල්ලා සිටී.

ජාතික ජන බලවේගයේ අපේක්ෂකයාට ඡන්දයදී ගෝඨාභය රාජපක්ෂ පරාජය කිරිමීට වැඩිම හැකියාව ඇති අපේක්ෂකයාට දෙවෙනි මනාපය දීමට 26.09.2019 දින මධ්‍යම කාරක සභාව ගත් තීරණය අනුව ජාතික ජන බලවේගයේ අපේක්ෂකයාට සහාය දීමට යම් පාක්ෂිකයෙකු කටයුතු කරන්නේ නම් ඔහු හෝ ඇය හැකි සෑම අවස්ථාවකදීම එසේ දෙවන මනාපය දෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිය යුතුය.”

යෝජනාව සම්මතවූ පසු ලාල් විජේනායක සහෝදරයා ලේකම් ධූරයෙන් ඉල්ලා අස්වූ අතර බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්රී කීර්ති  කාරියවසම් සහෝදරයා ඒකමතිකව එක්සත් වාමාංශික පෙරමුණේ ලේකම් ධූරයට පත්විය.  

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න