හිරු නාලිකාවේ මජර වැඩක් : ලේ සෙලවීමක් වෙනුවෙන් සාවද්‍ය පුවත් මවයි (වීඩියෝ )

හිරු නාලිකාවේ මජර වැඩක් : ලේ සෙලවීමක් වෙනුවෙන් සාවද්‍ය පුවත් මවයි (වීඩියෝ )
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු මෙන්ම ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයකු වන ඒ.එච්.එම්. ෆවුසි විසින් පැවසූ කතාවක් හිරු රූපවාහිනී පුවත් විකාශය තුළ දී දරුණු විකෘති කිරීමකට ලක්කර ඇත.
 
මුලුමනින්ම අර්ථයට හානි කරමින් රට පුරා ජාතිවාදී කෝලාහලයක් නැතිනම් පොදුජන පෙරමුණ සහ එක්සත් ජාතික පෙරමුණ ඇතුළු සන්ධාන පාක්ෂිකයන් භේද බින්න කර එකිනෙකා මරා ගන්නා ආකාරයට මේ පුවත සකස්කර ඇත.
 
ඒ " ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරකින්න අපි ගෝඨාභය රාජපක්ෂ පරාද කරන්න ඕන" යනුවෙන් ෆවුසි මන්ත්‍රීවරයා කරන ප්‍රකාශය, ඔහුගේ සිංහල භාෂාව උච්චාරණය කිරීමේ දුෂ්කරතාව නිසා "පරාදාන්න" ඕන ලෙස උච්චාරණය වීම පදනම් කරගෙනය.
 
මෙහිදී හිරු නාලිකාවේ ප්‍රවෘත්තිය සකස්කරන්නා චේතනාන්විතව ප්‍රවෘත්ති බුලටීනය පිටපත් කර ඇත්තේ " ගෝඨාබය ඝාතනය" කළ යුතු යැයි  ෆවුසි මන්ත්‍රීවරයා පවසන බව සඳහන් කරමිනි.
 
මේ පැහැදිලි ලෙස ගෝඨාබය රාජපක්ෂ වෙත ජනතා අනුකම්පාව සැකසෙන සහ මුස්ලීම් ප්‍රජාව ඉලක්ක කරගෙන සිංහල ජනතාව අතර වෛරය වැගිරීමේ උත්සාහයක් මිස අනෙකක් නොවේ.
 
ඒ බව තවත් තහවුරු කරන්නේ ෆවුසි මන්ත්‍රීවරයා මෙම සභාව ඇමතූ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස ගේ කොළඹ දිස්ත්‍රික් මැතිවරණ මෙහෙයුම් කාර්‍යාලය  තොටළඟ විවෘත කල අවස්ථාවේ සිදුකළ කතාවේ එම වාක්‍ය පමණක් විකාශය කිරීමට කටයුතු කිරීම තුළ ය.
 
හිරු නාලිකාව මහජන දේපලක් වූ සංඛ්‍යාත අවභාවිත කර නටන නාඩගම සම්බන්ධව මැතිවරණ කොමිසම මෙන්ම විදුලි සංදේශන කොමිසම වහාම ක්‍රියාත්මක විය යුතු බව අපේ ස්ථාවරය වෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න