නිර්පාක්ෂික කතා අවසන්: ජනපති මෛත්‍රී 'ගේමට සෙට්'වේ !  

නිර්පාක්ෂික කතා අවසන්: ජනපති මෛත්‍රී 'ගේමට සෙට්'වේ !  

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන නිර්පාක්ෂික දේශපාලනයෙන් මිදී ජනාධිපතිවරණ වේදිකාවට ගොඩවීමට තීරණය කර ඇතැයි ජනාධිපතිවරයාගේ සමිතතම හිතවතකු අප වෙත පැවසිය.

ජනාධිපතිවරයා සිය ජපන් සංචාරය නිමා කරමින් 28 වැනිදා යළි දිවයිනට පැමිණීමට නියමිත බවත් අනතුරුව ජනාධිපතිවරණ අපේක්‍ෂකයෙකුට සහාය පල කරමින් දේශපාලන වේදිකාවට ගොඩවනු ඇති බවත් ඔහු තවදුරටත් කියා සිටියේය.

ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය සම්බන්ධයෙන් දෙස් විදෙස් බුද්ධි අංශවලින් සිදුකරනු ලැබූ ජනමත සමීක්ෂණ වාර්තා කිහිපයක් ජනාධිපතිවරයට ලැබී ඇති බවත්, ඒ කාරණා ද සැලකිල්ලට ගනිමින් සහයදෙන්නේ කාටද යන්න ජනාධිපතිවරයා  මේ වනවිටත් තීන්දු කර අවසන් බවත් එම ප්‍රකාශකයා පැවසිය.

මේ අනුව ඉදිරියේ සතිය තුලදී ජනාධිපතිවරයා මැතිවරණ වේදිකාවට එක්වනු ඇති බව ස්ථිර යයි ජනාධිපතිගේ හිතවතා වැඩිදුරටත් කියා සිටියේය.

ජනාධිපතිවරණය අවසන් වන තෙක් ජනාධිපතිවරයා ස්වාධීනය සිටින බවට ශ්‍රී ලනිප ප්‍රධානීන් විසින් පවසා තිබුණද ජනාධිපතිවරයා එම තීරණය මේ වන විට වෙනස් කරගෙන සිටින බව ජනාධිපති කාර්යාල ආරංචිමාර්ගවලින් ද වාර්තාවේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න