සජිත්ගේ අභියෝගයෙන් ගෝඨාබය පළා යයි : බැරිකම බැසිල් පිළිගනියි !

සජිත්ගේ අභියෝගයෙන් ගෝඨාබය පළා යයි : බැරිකම බැසිල් පිළිගනියි !

තමන් සමග සජීවී රූපවාහිනී සංවාදයකට එන ලෙස ගෝඨාබය රාජපක්ෂට අභියෝග කර පැය 24ක් ඉක්මවා ඇතත් එම අභියෝගයට ඔහුගෙන් ප්‍රතිචාරයක් නොමැති බව ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස පවසයි.

සිය ට්වීටර් ගිණුමේ සටහනයක් තබමින් ඔහු මේ බව පවසා සිටින අතර තම අදහස් ආරක්ෂා කිරීම වෙනුවෙන් පෙනී සිටින ජනපතිවරයෙක්  පත් කර ගැනීමට ශ්‍රී ලංකා ඡන්ද දායකයන්ට අවසථාවක් තිබිය යුතු බවත් එහිදී සඳහන් කර ඇත.

IMG 20191024 WA0004

සජිත් ප්‍රේමදාස විසින්  ඊයේ (23) මෙම අභියෝගය එල්ලකර සිටි අතර ඊට කිසිඳු ප්‍රතිචාරයක් නොදක්වා ගෝඨාභය රාජපක්ෂ මුණිවත රකිමින් සිටියි.

මේ සම්බන්ධව ප්‍රතිචාර දක්වමින් මුදල් අමාත්‍ය මංගල සමරවීර තැබූ ට්වීටර් සටහනක දැක්වෙන්නේ ප්‍රභාකරන් එදා සියලු යුද්ධයන්ගේ මව ලෙස සැලකූ අලිමංකඩ මෙහෙයුම පටන්ගෙන සතියක් තුළ රටින් පළාගිය ගෝඨා, විවාදය මඟ හැරීම පුදුමයක් නොවන්නේ එදත් අදත් ඔහු බියගුල්ලෙක් ලෙස පළායන බැවින්, කියාය.

IMG 20191024 WA0005මේ අතර මාධ්‍යවේදීන් බැසිල් රාජපක්ෂ වෙතින් මේ සජිත් ප්‍රේමදාස එල්ලකළ අභියෝගය සම්බන්ධව විමසූ අතර එහිදී ඔහු අන්ත අසරණ වනු දක්නට ලැබිණ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න