Language Switcher

V2025

කැතයි ! නින්දිතයි ! : මව්බිම පත්තරේ  ලසන්ත ඝාතකයන් සෝදා වතුර බොයි !

ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම්වරයකු වන ගෝඨාබය රාජපක්ෂට එරෙහිව ඇමරිකානු  අධිකරණයක ගොනු කර තිබූ නඩුවේ තීන්දුව පිළිබඳ පුවත වාර්තා කිරීමේදී CEYLON TODAY සහ 'මව්බිම' පුවත්පත් මාධ්‍ය සදාචාරය මුළුමනින්ම කඩකර ඇත.

මෙම නඩුව පවරා තිබුණේ  ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් ඔහුගේ දියණිය වන අහිම්සා වික්‍රමතුංග විසින් වන අතර   පසුගියදා එම ඇමරිකානු  අධිකරණය එම නඩුව නිෂ්ප්‍රභා කර තිබිණ.

CEYLON TODAY සහ 'මව්බිම' පුවත්පත් ඊයේ (23)  පළමු පිටුවේම එම පුවත වාර්තා කර තිබුණේ  හිතාමතාම අහිම්සා වික්‍රමතුංගගේ ඡායාරූපයක් නින්දා සහගත හා අපහාසාත්මක ලෙස විකෘති කරමින්ය.
maubima p ලැජ්ජයි ! කැතයි ! නින්දිතයි !

අන්ත දූෂිත මිග් ගනුදෙනුව සම්බන්ධව සිදුකල විශේෂ අනාවරණය හේතුවෙන් රාජපක්ෂ රෙජීම පාලන සමයේ ජේෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය කරනු ලැබුවේ අධිආරක්ෂිත කලාපයක් තුළයි. ඩීල්දාසලාගේ පිහිටෙන් සහ අධිකරණය මඟහරිමින් මීට වගකිව යුත්තන් නිදහසේ සිටින බව අමුතුවෙන් කිවයුතු නෑ. අහිම්සා ඇමරිකානු අධිකරණයට ගියේ මේ සාපරාධී අපරාධයට වගකිව යුතු ඇමරිකානු පුරවැසියාව නීතිය හමුවට ගෙනවිත් තම පියාගේ ඝාතනය සම්බන්ධව යුක්තිය ඉටුකරවා ගැනීමටයි.

නමුත් ඒ ඇමරිකානු පුරවැසියා රකින්න ඇමරිකානු අධිකරණය තීන්දුකර තිබෙනවා. එහෙත් යුක්තිය ලබා ගැනීම වෙනුවෙන් අහිම්සාගේ අරගලය අවසන්ව නෑ. 
සිය පියාගේ ඝාතනයට එරෙහිව යුක්තිය පමාවීම සිහිපත් කරමින් අහිම්සා දියත්කළ අඛණ්ඩ අරගලයට මේ ජායාරූපය වටිනා සාක්ෂියක්. මේ වන විට මිලිටරි ආඥාදායකත්වයක් සහිත ඒකාධිපති පවුල් පාලනයක් ගෙන ඒමට දිවා රෑ නොබලා වෙහෙසෙන මව්බිම පාලනාධිලාරිය විකෘති කර ඇත්තේ එයයි. එය කොතරම් නින්දිත ආකාරයට සිදුකර ඇත්දැයි කියනවා නම්   මව්බිම සහ සිලෝන් ටුඩේ හි මුල් පිටුවල පළ වූ උපමාරු රූපය වික්‍රමතුංගගේ දර්ශනය ඉවත්කර එය වෙනුවට අහිම්සාට අහිතකර වූ ඇමරිකානු අධිකරණ තීන්දුවේ පිටපතක් උපුටා දක්වමින්.

ඇමරිකානු පුරවැසි නන්දසේන ගෝඨාභය රාජපක්ෂට දඬුවම් නොලබා සිටීමේ නිදහස ඇති බවට වන තීන්දුව මිස අනෙකක් ඇමරිකානු අධිකරණය ලබා දී නැත.

එහෙත් ලසන්තගේ රුව ඉවත්කර ඒ වෙනුවට නඩු තීන්දුවේ පිටපතක් ඊට ඇතුලත් කිරීම හරහා සිදුකර ඇත්තේ ලසන්ත ඝාතනය යුක්ති යුක්ත කරන්න දැරූ නින්දිත උත්සාහයකි. මෙවැන්නක් තම පුවත්පතේ පළකිරීමට තරම්   මව්බිමේ මාධ්‍යවේදීන් හිත හදාගත්තේ කොහොමද යන්නත් අත්හල නොහැකි කරුණක් වෙයි.

ඒ අන් කිසිවක් නිසා නොව, ලසන්ත ඝාතනය රාජපක්ෂ රෙජීම සමයේ සිදුවූ මිනීමැරුමකට වඩා මාධ්‍යවේදියකු ලෙස සිදුකල ලියපු කියපු දේ නිසා සිදුකළ ඝාතනයක් වන නිසාය. අහිම්සා පසෙකින් තබන්න.  මාධ්‍ය කලාවේ නිරත වී සීටින අපට,  ලසන්ත කියන්නේ අපේ කෙනෙකු නොවේද ?  වසර 10 කට පසු මෙම දරුණු අපරාධයට එම ඝාතකයන්ට තවම දඬවම් නොලැබි ඇති පසුබිමක මේ විකෘති කිරීම කොතරම් නින්දාසහගතද ?

 තම පියාගේ ඝාතනය සම්බන්ධයෙන් යුක්තිය සෙවීම සඳහා අහිම්සා  විසින් ගෙන එන ලද නඩු  විභාගයේ ඇති සුදුසුකම් කුමක් වුවත්, මාධ්‍යවේදීන් වශයෙන්, ඇයගේ ශෝකය සහ යුක්තිය පසිඳලීමේ නීත්‍යානුකූල අයිතියට අප ගරු කළ යුතුය. ලසන්ත වික්‍රමතුංග ඊයේ ගොදුරක් විය. හෙට එය අප අතරින් ඕනෑම කෙනෙකුට ලක්විය හැකිය. එවන් අඳුරු අවස්ථාවක, අප වෙනුවෙන් යුක්තිය වෙනුවෙන් සටන් කරන්නට වන්නේ අපගේ පුතුන් හෝ දියණියන් විය හැකිය.

අහිම්සාගේ  අදහස් සමග අප එකඟ විය යුතු නැත. නමුත් අපගේ වෘත්තිය ප්‍රගුණ කිරීම නිසා බොහෝ විට පැහැරගැනීම්, වදහිංසා පැමිණවීම් සහ මිනීමැරුම්වලට ලක්වූ වෘත්තිකයින්ගේ සහ ඔවුන්ගේ ඥාතීන් විසින් යුක්තිය පසිඳලීම හා සම්බන්ධව කරුණු වාර්තා කිරීමේදී ඉහළම ආචාර ධර්ම ප්‍රමිතීන්ට ගරු කිරීම අප සියලු දෙනාගේ වගකීම නොවන්නේද ?