ගෝඨාබයගේ ආරක්ෂක ලේකම් කමල් ගුණරත්නලු!

ගෝඨාබයගේ ආරක්ෂක ලේකම් කමල් ගුණරත්නලු!

ගෝඨාබය රාජපක්ෂ ජනාධිපති ධුරයට පත්වුවහොත් විශ්‍රාමික ලුතිනන් ජනරාල් කමල් ගුණරත්න වහාම ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ධුරයට පත්කිරීමට තීරණය කර ඇතැයි ඉතා විශ්වාසවන්ත කටයුතු ආරංචිමාර්ගවලින් අප වෙත වාර්තාවේ.

තමාව ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ලෙස පත්කරන බවට ගෝඨාබය රාජපක්ෂ පොරොන්දුවී ඇති බව කමල් ගුණරත්න විසින් පසුගියදා ඔහුගේ සමීපතම ව්‍යාපාරික මිතුරන් පිරිසක් සමග දොඩමලු වෙමින් පවසා තිබේ.

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සුනන්ද දේශප්‍රිය ද පසුගියදා ඔහුගේ දේශපාලන විග්‍රහයක ඒ සම්බන්ධයෙන් ඉඟි කර තිබුනේ මෙසේය.

''ගෝඨාභය රාජපක්ෂගේ ආරක්ෂාව පිනිස සෑම මැතිවරණ කොට්ඨාශයකින්ම හිටපු සොල්දාදුවන් 40 බැගින් එක් කර බලකායක් ගොඩ නගනු ඇති බවට ද වාර්තා පළ වී තිබේ. ඔහු බලයට පත් වුවහොත් ආරක්ෂක ලේකම්වරයා වනු ඇත්තේ ඔහුගේ ‘වියත් මඟ’ නම් සංවිධානයේ මූලිකයකු වන වර්ගවාදී හිටපු ජෙනරල්වරයකු යැයි ද කියනු ලැබේ.''

කෙසේවුවද මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී ගෝඨාබය රාජපක්ෂගේ සමීපතම මිතුරකු පැවසුයේ, ආරක්ෂක ලේකම් ලෙස පත්කරන්නේ කව්රුන්දැයි මෙතෙක් තීරණය කර නොමැති බවයි. '' ලේකම්ලා පත්කරන්න ඉස්සෙල්ල දිනලා ඉන්න එපැයි '' යයි ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න