කඹුරුපිටියේ ශ්‍රීලනිප ක්‍රියාකාරීන් සජිත්ගේ සහයට !

කඹුරුපිටියේ ශ්‍රීලනිප ක්‍රියාකාරීන් සජිත්ගේ සහයට !

ඉතිහාසයපුරාම පැවති රජයන් අතුරින් තම රජය තරම් රාජ්‍ය සේවකයාගේ පඩි වැඩි කළ ආණ්ඩුවක් නොමැතිබව මුදල් අමාත්‍ය මංගල සමරවීර ප්‍රකාශ කරයි.අමාත්‍යවරයා  මේ බව ප්‍රකාශ කර සිටියේඊයේ (25) දින කඹුරුපිටිය බස්නැවතුම්පල අසලදී පැවති ජනරැලිය අමතමිනි.

එසේම  එළඹෙන 30 වනදාට නියමිත තැපැල් ජන්දය භාවිතා කිරීමේදී හෘද සාක්ෂියට එකගව සජිත් ප්‍රේමදාසදිනවීමට රාජ්‍ය සේවක ජන්දය භාවිත කරනු ඇතැයි ද අමාත්‍යවරයා පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද පැවසීය.

‘’2005 සිට 2014 දක්වා අවුරුදු 09ක් මේ රට පාලනය කල රාජපක්ෂලා රාජ්‍ය සේවකයන්ට පඩිය සතයකින්වත්වැඩි කලේ නෑ. අපි ගත්තොත් මහාධිකරණයක නිලදාරියෙක් මහින්ද රාජපක්ෂ 2005 එනකොට ගත්තෙත්රු 28740යි   2015 දී අපි ආණ්ඩුවට එනකොටත්ගත්තේ රු 28740 යි. නමුත් මිත්‍රවරුනි ඒ අය අද රු 62336 ක පඩියක් ගන්නවා. ඒ කියන්නෙ200% කටත් වඩා වැඩියෙන් දැන් පඩි ගන්නව. දැන් මේ අපේ පොලිසියේ නිලදාරීන් මහත්වරු බලන්නකොයි තරම් සේවයක් කරනව ද කියල. නමුත් මේ රාජපක්ෂලා ඒ අයගේ පඩිය සතියකින්වත් වැඩි කලේනෑ.රාජපක්ෂලාගේ වසර නමයේම පොලිස් කොස්තවල්වරුන්ට පඩිය ලැබුනේ 14290 ක් විතරයි.නමුත් රු 67492 ක් දැන් වැටුප් විදියට ගන්නව ඒ කියන්නෙ 230% කට වඩා දීමනා සහිතව වැටුප්වැඩිවීමක් වෙලා තියනව.’’  එමෙන්මවසර 2012 දී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් 25%කින් අබාධිත රණවිරුවන්ගේ වැටුප්වැඩි කරනා බවට කියා එසේ නොකළ කල ප්‍රෝඩාව සිහිපත් කල මංගල  සමරවීර අමාත්‍යවරයා විසින් එමවකවානුවේදී ආබාධිත රණවිරුවකුට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා හමුවීමට පවා ඉඩක් ලබා නොදුන්බවත් පැවසීය.

ශ්‍රීලනිප පිරිසක් එජාපයට !
41
මේ අතර කඹුරුපිටිය ප්‍රාදේශීය සභාවේ විපක්ෂයේ ජනතා නියෝජිතයන් 08 දෙනෙක් ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසට  සහයදීමට එක්වීමද විශේෂත්වයකි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කඹුරුපිටිය ප්‍රාදේශීය සභාව නියෝජනය කරන මන්ත්‍රී උදිත දසුන්, බන්දුතිලක, එස්. සඳරුවන්, ශානක ජනප්‍රිය, සරත් විදානපතිරණ, ආර්. ඒ. සොමිපාල, ඒ. සිරිසේන, ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රී පී. ඩී. ජිනදාස යන පිරිස ඒ අතර විය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න