මාතර ඩලා  සමෘද්ධි නිලධාරීන් කැඳවයි : ජන්දයට වැඩක් දෙන්න දැයි සැකයි !

මාතර ඩලා  සමෘද්ධි නිලධාරීන් කැඳවයි : ජන්දයට වැඩක් දෙන්න දැයි සැකයි !

පොදුජන පෙරමුණ විසින්  සමෘද්ධි නිලධාරීන් ජනාධිපති මැතිවරණයේ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් යොදාගෙන මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ  සූදානමක් පිළිබඳ මාතර දිස්ත්‍රික්කයෙන් වාර්තා වෙයි.

විශේෂ දිස්ත්‍රික් සම්මේලනය යනුවෙන් එය නම් කර ඇති අතර එය පැවැත්වීමට නියමිත ස්ථානය වන්නේ පොදුජන පෙරමුණේ මාතර නූපේ පිහිටි කාර්‍යාලයේය.

එහි ප්‍රධාන ආරාධිතයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම සහභාගී වන බවත් එසේම පළාත් සභා මන්ත්‍රී පිරිසක්ද ඊට සහභාගී වන බව සදහන් ය.

සමෘද්ධි නිලධාරීන්ගේ පත්වීම් පවා හරිහැටි සිදුනොකර ඔවුන් ව දිගින් දිගටම දේශපාලන අතකොලු ලෙස යොදවා ගනිමින් සිටි රාජපක්ෂ රෙජීම පාලනය සිය පැරණි මජර වැඩ ජනාධිපතිවරණය අවස්ථාවේ ද යොදවා ඇති බව මේ අනූව පැහැදිලි වෙයි.

රාජ්‍ය නිලධාරීන් විශේෂයෙන් මැතිවරණ රාජකාරි සඳහා අනියුක්ත කර සිටින නිලධාරීන් ද මේ සඳහා කැඳවීමට නියමිත බවත් අප ආරංචි මාර්ග සදහන් කරයි. 

එම ආරංචි මාර්ග වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ජනාධිපතිවරණය ආසනයේ ක්ශේත්‍ර රාජකාරි කරන සමෘද්ධි නිලධාරීන් ඇතුළු ඒ හරහා ආවරණය වන ජනතාව කැඳවා විශේෂ හමු පැවැත්වීම සැකසහිත බවය. 

මන්ද පොදුජන පෙරමුණ  එක් පසෙකින් පෞද්ගලික මාධ්‍ය යොදවා රටේ ජාතිවාදී කෝලාහලයක් වෙනුවෙන් මතය සකසන බවත් ඒ සමග ජනතාවට වඩාත් සමීප රාජ්‍ය නිලධාරීන් සහ ජනතාව එක්කොට ඊට භූමිය සකසන බවක් පෙනෙන්නට ඇති බවත් ය.

IMG 20191026 191418

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න