ගොමා පාදෙණිය ගෝඨාගේ වේදිකාවේ : මැකෝ සැර නින්දේ !

ගොමා පාදෙණිය ගෝඨාගේ වේදිකාවේ : මැකෝ සැර නින්දේ !

මැතිවරණ නීති අමුඅමුවේ  උල්ලංඝනය කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදැක්වීමේ උත්සවය සඳහා සහභාගී වී සිටින ආකාරය ඊයේ (25) දැක ගැනීමට හැකිවිය. 

කොළඹ, නෙළුම් පොකුණ රඟහලේදී ඊයේ පෙරවරු 09.00ට ආරම්භ කෙරුණු ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදැක්වීමේ උත්සව වේදිකාවේ ගෝඨාබය ගේ අනෙක් පස අසුනේ හිටියේ අනුරුද්ධ පාදෙණිය වන අතර ඒ දේශපාලන අයිතිවාසිකම් අහිමි වෛද්‍යවරුන් ඇතුළු රජයේ මාණ්ඩලික නිලධාරීන්, පරිපාලන නිලධාරීන් ඇතුළු කොටස් මැතිවරණයට අදාළ කිසිදු දේශපාලන කටයුත්තකට සහභාගී නොවිය යුතු බව දන්වමින් මැතිවරණ කොමිෂන් සභාව විසින් සැප්තැම්බර් 10 වනදා චක්‍රලේඛයක් ද නිකුත් කර තිබූ පසුබිමේ ය.

ඒ අනූව පසුගිය සමයේ දෛනිකව සිදුවූ වෛද්‍ය වැඩ වර්ජනවල රහසද ඉතා පැහැදිලිය.

මේ ආකාරයට දිගටම ගෝඨාභය රාජපක්ෂ මැතිවරණ නීති උල්ලංඝනය කරමින් සිටින නමුත් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය ඒ සම්බන්ධව කිසිදු ක්‍රියාමාර්ගයක් ගන්නා බවක් පෙනෙන්නට ඇත.

ඉතා බරපතල මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් වූ හමුදාපති යොදා සකස් කල දැන්වීම සම්බන්ධව ද මැතිවරණ කොමිසම කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති අතර දේශපාලන විචාරකයන් පෙන්වා දෙන්නේ මැතිවරණ කොමිසමේ සභාපති ආතතිය ගැනීමට බය නිසා ගෝඨාබය සම්බන්ධව ක්‍රියා නොකරන බවය.

image 4fb2133410

image b2b5abebb1

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න