Language Switcher

V2025

ඔක්තොම්බර් 26 කුමන්ත්‍රණයේ කප්පිත්තන් රටේ වගකීම භාර ගැනීමට ඇවිල්ලා - සජිත් 

සාහසික දේශපාලන කුමන්ත්‍රණ ක්‍රියාවළියකින් නීත්‍යාණුකූල ආණ්ඩුව උදුරා ගෙන, කාඩ් බෝඩ් අගමැතිවරයෙක් සහ හොර ඇමති මණ්ඩලයක් පත්කරගත් දින 52 ක ඓතිහාසික ව්‍යවස්ථා කුමන්ත්‍රණය සිදුකර ඔක්තෝබර් 26 අද දිනට වසරක් සපිරෙන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස පැවසීය. 

ඔහු මෙම අදහස් පළ කළේ ඊයේ  (26) දින රත්නපුර දිස්ත්‍රික්කයේ, ඇඹිලිපිටිය, කොළොන්න නගරයේ පැවති ජන හමුවට එක්වෙමිණි. 

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා  මෙසේද පැවසීය.

 “ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කෑලි කෑලි වලට ඉරා දමමින්, උත්තරීතර නීතිය කුණු බක්කියට වීසි කරමින් ප්‍රතිවාදීන් එදා කුමන්ත්‍රණයක් මගින් බලය ලබා ගැනීමට කටයුතු කළ යුගය මේ රටේ ජනතාවට අමතක කරන්න පුළුවන්ද ? කතානායකතුමාගේ එඩිතර නායකත්වයෙන්, ස්වාධීන අධිකරණ ක්‍රමවේදයක් තුළින් ව්‍යවස්ථා විරෝධී කුමන්ත්‍රණය පරාජය කළා.
 ඔක්තොම්බර් 26 කුමන්ත්‍රණයේ කප්පිත්තන් රටේ වගකීම භාර ගැනීමට අද ඉදිරිපත් වී තිබෙනවා.

ප්‍රතිවාදීන් විපක්ෂයේ සිටියදී රටේ උත්තරීතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අමු අමුවේ විනාශ කරමින් මැර බලය, ජඩ බලය ක්‍රියාත්මක කරන්න පුළුවන් නම් වැරදීමකින් හෝ ඔවුන් බලයට පැමිණියහොත් මොන තරම් නීති විරෝධී ක්‍රියා සිදු කරයිද. මැර බලය, ජඩ බලය, මිනීමරු සුදුවෑන් සංස්කෘතිය ඔවුන් නැවත ක්‍රියාත්මක කරනවා. පොදු ජනතාවගේ මානව අයිතීන්, ආර්ථික අයිතීන්, අද පවතින මාධ්‍ය නිදහස, කතා කිරීමේ නිදහස, විරුද්ධ මත දැරීමේ, රැස්වීම් පැවැත්වීමේ  නිදහස රටේ ජනතාවට නැති වෙනවා. රටේ උත්තරීතර නීතිය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තම පණටත් වැඩිය ආරක්ෂා කරමින් එවැනි අමිහිරි අත්දැකීම් නැවත රට තුළ ඇති නොවන්නට තමන් කටයුතු කරනවා.

සජිත් ආවත් ගොඨා ආවත් වත්මන් යුද හමුදාපති ඉවත් කළ යුතු යැයි ප්‍රකාශයක් පුවත්පත් වල අද පළවෙලා තියෙනවා. අපේ රටේ හමුදාපති ඉවත් කරන්න කිසිවෙකුට බැහැ. මම එම ප්‍රකාශ වලට සවන් දෙන්නේත් නැහැ.

පිටරටවල් කියන කියන පදයට නටන්න මේ සජිත් ප්‍රේමදාස සූදානම් නැහැ. එම ප්‍රකාශය නිකුත් කර ඇති රට වලට මට කියන්න තියෙන්නේ, ඔබ ඔබේ වැඩක් බලා ගන්න, මගේ රට මම බලාගන්නම් කියලා. 

විවිධ දේශපාලන ඩීල්, දූෂණ අක්‍රමිකතා සිදු කර පසුගිය රජය ඇඹිළිපිටියේ කඩදාසි කර්මාන්ත ශාලාව විකුණා දැම්මා.

එම කර්මාන්ත ශාලාව ආරම්භ කිරීමේ වගකීම මම භාර අරගෙන නව වැඩපිළිවෙලක් යටතේ මෙම ප්‍රදේශයේ ජනතාවට නැවත රැකියා අවස්ථා ඇති කරනවා.

මෙරට සියලුම කාන්තාවන් ලබා ගෙන ඇති ක්ෂුද්‍ර මූල්‍ය ණය සම්පූර්ණයෙන් කපා හරිනවා.

කොලොන්න පුරවරයේ ඇරව්පෝරුව වැව ඉදිකිරීමට කටයුතු කර ජනතාවගේ ජල ප්‍රශ්නය විසදනවා” යනුවෙන්ද පැවසීය. 

saji 1

saji 2