Language Switcher

V2025

ගෝඨා ගෙවල් හදන්න දුන්නෙත් විදෙස් සමාගම් වලට - පාඨලී 

ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නිවාස අට දහසක් ඉදිකිරීම සඳහා කොන්ත‍්‍රාත් අටක් ලබා දුන් ටෙන්ඩර් පටිපාටිය හෙළි කරන ලෙස මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක  මාතර වැලිගමදී පැවති මෙගා මයින්ඩ් වැඩසටහනේදී ප‍්‍රකාශ කළේය.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, ගෝඨාභය රාජපක්ෂ මහතා නාගරික සංවර්ධන අධිකාරියේ ලබා දී තිබූ කොන්ත‍්‍රාත් අටක් අප නතර කළා. ඔහු ගෙවල් අටදාහක් හදන්න කොන්ත‍්‍රාත් අටක් ලබාදීලා තිබුණේ කිසිම ටෙන්ඩර් පටිපාටියක් නොමැතිව. තමන්ගේ හිතවත් විදේශීය සමාගම්වලට තමයි දීලා තිබුණේ. අපි විධිමත් ටෙන්ටර් පටිපාටියකින් ඒ ජනතාවට නිවාස ඉදිකර දුන්නා. එතුමාගේ කාලේ නාගරික සංවර්ධන අධිකාරියේ රජයේ කොටස සෘනව තිබුණේ. 2010 දැඩි පසුබෑමකට ලක්ව තිබුණේ. 2017 වන විට අපි එය ගොඩ ගත්තා. බිලියන 39 ක් ණය වෙලා තිබූ ආයතනයක් අපි ගොඩගත්තා. රාජපක්ෂ සහෝදරවරු ධනය නාස්ති කළා. ඔවුන් හදපු එක රාජ්‍යය ආයතනයක් නැහැ. ධනය කාබාසිනියෝ පිරිසක්, වරිග ආර්ථිකයක් ගෙන යන්න මේ පිරිස පොරකමින් ඉන්නවා.

ගෝඨාභය මහත්තයා කොළඹ ලස්සන කළා කියනවා. විහාර මහාදේවි හැදුවා, පාරවල් කාපට්කලා, පේමන්ට් හැදුවා, ගස් හිටව්වා, මල් වැව්වා, ඒක ඇත්ත. එය සිදුකළේ ලෝක බැංකුව. මීට පෙරත් ලෝක බැංකුව විදේශ රටවලට මෙය සිදුකළා. 1991 සිරිසේන කුරේ මහතාගේ කාලයේදී ජපන් ආධාරවලින් කොළඹ හැදුවා. 2010 පාර්ලිමේන්තුව ජලයෙන් යටවූ විට ලෝක බැංකුව පැමිණියා. කොළඹ නගරයේ ජලය බැසීම පාලනය කරන්න නැත්තං, කොළඹ නගරය ගොඩගන්න බැහැ කියා ඔවුන් සඳහන් කළා. උමං මාර්ග හදන්න, ජලාපවහන පද්ධතිය හදන්න, ජලනල පද්ධතිය අවුරුදු 150ක් පරණයි, එය හදන්න කියලා සඳහන් කළා. මලාපවාහන පද්ධතිය අවුරුදු 150 ක් පැරණියි, එය හදන්න කියලා සඳහන් කළා. නමුත් ගෝඨාභය මහතා සිදු කළේ මතුපිටින් පෙනෙන දේවල් ටිකක් විතරයි. ඉන් පසු  කොළඹ කුණු හමුදා සාමාජිකයින් යොදාගෙන  මීතොටමුල්ලට ගෙනවිත් ගොඩ ගැසුවා.

අප පළමුවතාවට වසර 150ක් පරණ, මීටර් 10ක් පොළොව යට තිබෙන කොළඹ නගරයේ ජලාපවාහන පද්ධතිය, මලාප‍්‍රවාහන පද්ධතිය අප දැන් සකස් කරමින් ඉන්නේ. එය සිදුකළ විට තව වසර විස්සකට තිහකට කොළඹ නගරය ඊළග සංවර්ධනයට සුදානම් වෙනවා. අද මිතෝටමුල්ල නාගරික උද්ද්‍යානයක්. ගෝඨාභය කුණු ගොඩගසා හදපු මීතොටමුල්ල කුණු කන්ද නිසා ජීවිත 34ක් අහිමිවුණා. පවුල් 300කට ගෙවල් නැතිවුණා. අවුරුදු 80කට කොළඹ නගරයේ කසළ දාන්න පුලූවන් විද්‍යාත්මක කසළ රඳවනයක් අප පුත්තලමේ  නිර්මාණය කර තිබෙනවා. හැම ප‍්‍රදේශයකම කුණු දැමිය හැකි විද්‍යාත්මක කසළ රඳවන විස්සක් හදන්න අප බලාපොරොත්තු වෙනවා. මේ තුළින් කසළ ප‍්‍රශ්නයට දිගු කාලීන විසඳුමක් ලබාදෙනවා.ගෝඨාභය අතිදක්ෂ කළමණාකරුවෙක් කියලා සඳහන් කරනවා. එතුමා ආයතන දෙකක් පාලනය කළා. එකක් ශී‍්‍ර ලංකන් ගුවන් සේවය හා මිහින් ලංකා සේවය. ශ‍්‍රී ලංකා ගුවන් සේවය එමිරේට් එකෙන් ගෝඨාභය මහත්තයා භාර ගන්න විට බිලියන 14ක ලාභයකට භාරගත්තේ. අද අපි සැමදෙනාම රුපියල් 12,500 ක් ණය වෙලා තිබෙනවා ශ‍්‍රී ලංකා ගුවන් සේවයට. ගුවන් යානා අධික මිල ගණන් වලට අරගෙන තිබෙනවා. බෙලි අත්තේ කුමා ස්ටිකර් ගැහුවේ පවා මේ මුදල් වලින්. එතුමා සභාපති වී මිහින්ලංකා පටන් ගත්තා. අපේ රටේ බෞද්ධ ජනතාවට ඉන්දියාවේ බුද්ධගයාවට යන්න බජට් එයා ලයින් එකක් හදනවා කියලා මිලියන 6,000 ක් වැයකර ගුවන් යානා හයක් ගත්තා. මේ පාලන සමයේ එය බලද්දි රුපියල් පනස් හයදහක පුටු සෙට් එකක් පමණයි තිබුණේ. ගෝඨාභය රාජපක්ෂ දශ ලක්ෂ හයදාහක් ලබාගෙන.

අධ්‍යාපනයට සෞඛ්‍යයට ලබා දෙන ප‍්‍රතිපාදන ඔවුන් අඩුකළා දළදේශීය නිෂ්පාදනය 4.7 සිට 2.7 දක්වා අඩුකළා. පෙනෙන සංවර්ධනයට යොමුවුණාම මුල්‍යය කොටසක් ගන්න ලේසියි. නිරෝගී සම්පත, දැනුම ලබා දුන්නම එහෙම කොටසක් ගන්න හැකිවෙන්නේ නැහැ. අපේ රජයක් තුළ සෞඛ්‍යට අධ්‍යාපනයට මුල් තැන ලබාදී අපේ දරුවන් නිරෝගී, සබුද්ධික දරුවන් බවට පත්කරන්නත් කටයුතු කරනවා.