ලේ තමන්ගේම නම් තුවාලය පෙන්වන්න : ගෝඨාබයට රණවිරුවන් අභියෝග කරයි !

ලේ තමන්ගේම නම් තුවාලය පෙන්වන්න : ගෝඨාබයට රණවිරුවන් අභියෝග කරයි !

පිත්තල හන්දියේ බෝම්බ පිපිරීමෙන් පසු ගෝඨාබය රාජපක්ෂ තම කමිස අතේ ලේ තැවරී තිබෙන ආකාරය සේයාරූවල දක්නට ලැබුනද  ‘ලේ තමන්ගේම නම් තුවාලය පෙන්වන්න’යැයි විශ්‍රාමික අබාධිත හමුදා සාමාජිකයකු ගෝඨාබය රාජපක්ෂට අභියෝගකර සිටියි.

ඒ පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින්ය.

වඩාත් විශේෂ කරුණ වන්නේ මේ හමුදා සාමාජිකයන් පසුගිය කාලය පුරා රාජපක්ෂ කඳවුරට සහය දැක්වූ පිරිසක් වීමය. 

දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරන්නේ ලසන්ත ඝාතනය කිරීමේ චෝදනාව ශ්‍රී ලංකා රජය සහ හමුදාව මත පවරා ඇමරිකානු අධිකරණයට ලිඛිත ලේඛනයක් ලබාදීම සහ ගෝඨාභය රාජපක්ෂගේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනය හරහා ශ්‍රී ලංකා යුද හමුදාව යුද අපරාධ සිදුකළ බව සඳහන් කරමින් සිදුකර ඇති මහා පාවාදීම හේතුවෙන් සංග්‍රාම භුමියේ සටන් කළ ආබාධිතවූ හමුදා සෙබළුන් මේ වන විට රාජපක්ෂ කඳවුර අත්හැර දැමීමට තීරණය කර ඇති බවයි. එසේම බල තණ්හාව නිසාම උතුරේ,දකුණේ සහ නැගෙනහිර  සියලු අන්තවාදී කොටස්  තම වේදිකාවට ගැනීමට ගෝඨාභය රාජපක්ෂ ගෙන ඇති තීන්දුවත් මොවුන්ගේ විරෝධයට හේතුවී ඇත.

ගෝඨාභය රාජපක්ෂගේ මේ යුද - රණවිරු ප්‍රෝඩාව පසුගියදා මාධ්‍ය හමුවක් පවත්වමින් වැඩිදුරටත් අනාවරණය කර සිටියේ මේ ආකාරයටය.

''පොදුජන පෙරමුණටත්, පොහොට්ටුවේ ඉන්න කිසි කෙනෙකුටත් ,රාජපක්ෂවරුන්ටවත්, මම බය නැහැ. ගෝඨාභය රාජපක්ෂ අනුරාධපුරයට ගිහින් කියනවා මරණිය දණ්ඩනය දීලා තියෙන රණවිරුවෝ ටික නිදහස් කරනවා කියලා. ඒයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඒක තියෙනවද? නැහැ.

මම රණවිරුවන්ගේ සටන් හා දේශපාලනය දෙක එකට  ගාවගෙන නැහැ. මම රණවිරු  සටන් වලින් චරිත වුනේ නැහැ. පොදුජන එක්සත් පෙරමුණේ ඒදා අපි එකතු වේලා වැඩකරාට, මහා පාරේ උද්ඝෝෂන කරාට, හැබැයි මම නාමයෝජනා හිගා කෑවේ නැහැ. අනිත් කට්ටිය වගේ.

එහෙම වුනානම් 2009 රණවිරුවෝ පළාත් සභාවට එනකොට පළාත් සභා  වේදීකාවේ හිටපු ප්‍රධාන කථීකයා. ඒම නැත්නම් පළාත් සභාවේ නැත්තම් මේ වෙනකොට  පාර්ලීමේන්තුවේ ඉන්න ඔනේ. මම නාමයෝජනා හිගා කෑවේ නැහැ.

 ''ගෝඨාබය අලිමංකඩ  හිටියේ නැහැ, රටිනුත් පැනලා ගියා...'' 

ඒ වගේම තමයි අපි අපිට ඉන්න බැරි අවස්තා තියෙනවා. 2000 අවුරුද්දේ අලිමංකඩ අපි ලක්ෂ ගානක හමුදාව අතරමන් වේලා හිටියේ . ඒතකොට ගෝඨාභය රාජපක්ෂ හිටියේ නැහැ 2000 අවුරුදදෙ ලංකාවේ.  ජෙනරල් ජානක පෙරේරා, ෆීල් මාෂල් සරත් ෆොන්සේකා තමයි අපිව බේර ගත්තේ.

නැව් දෙකක් ඇවිල්ලා තියෙනවා කිවුවා කන්කසන්තුරේට යන්න ලැස්තිවෙන්න කියලා. ලක්ෂ එකාමාරක් විතර හමුදාව බේරගන්නකොට ගෝඨාභය හිටියේ නැහැ. ගෝඨාභය හිටියේ නැහැ.

ගෝඨාභඨ රාජපක්ෂ ඉන්න කාලයේ ෆොට් ඝන් ඒකෙන් ගැහුවේ. අපි හමුදාවට යන කාලේ ටී ෆයි සික්ස්  ඒකෙන් ඒම් පී ආර් ඒකෙන් කොටි ගැහුවේ මෝටාර්වලින්.

මම කියනවා කිසිම දවසක දේශපාලන වේදීකාවකට නැගලා මම කාටවත් මඩ ගහන්න දෙයක් කරන්නේ නැහැ.  හැබැයි කනගාටු වේනවා මේ විදියට ගානවනම් මම උත්තර දෙන්න සුදානම්.

 පපුවේ මැවුම් 11 දාලා තියෙන්නේ....

දැන් මම ටයි එක ගලවලා පෙන්වන්නම් මගේ පපුවේ මැවුම් 11 දාලා තියෙන්නේ. මගේ පපුවේ මැවුම් 11ක් මේ තමයි අලිමංකඩ පස්සට එද්දී සරසාලේදී 53 වෙනි සේනාන්කය බේරගන්න ගිහිල්ලා එතනදි තමයි මට ෆොට් 12ක් වදිනවා ටී ෆැසිස් ෂොට් 12ක් වැදිලා 11ක් මගේ ප්ලේට් ඒකේ වැදිලා ඒකක් මට මේ වදින්නේ. හැබැයි අපි පස්සට ආවේ නැහැ.

මන්ගාව හිටියා රණවිරුවෝ තිස්ගානක් මේ තුවාලය පී2 වර්ග කිරිම යටතේ පී1 කියන්නේ මරණාසන්න පී2 කියන්නේ ඊට පස්සේ පී3 කියලා කියන්නේ සුළු තුවාල මේ පී2 වර්ග කිරිම යටතේ තුවාල වුනු රණවිරුවොත් අරගෙන අපි ආවේ. අපි ඒම කැපකීරිම් කරපු මිනිස්සු .

පුලුවන්නම ගෝඨාභය රාජපක්ෂ පුලුවන්නම් වෙඩි නොවදින කාර් ඒකේ ගිහිල්ලා බෙන්තර හන්දියේ බොම්බේ ෂට් ඒකේ ලේ තියෙන පුලුනක්කම්  තුවාල පෙන්වන්න. මම අභියෝගකරනවා ‌ගෝඨාභය රාජපක්ෂට. කියන්න කනගාටුයි අපි රාජපක්ෂලා බලයට අරන් එන්න අපි මේච්චර කැපකීරිම කරපු මිනිස්සු අපි කියනවා රණවිරුවන් විකුනන් කන්න එපා.''

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න