ඇමෙරිකානු රජයේ සහශ්‍ර අභියෝග ආයතනය විසින් ශ්‍රී ලංකාවට ලැබෙන ප්‍රදානයක් ලෙස ඇමෙරිකානු ඩොලර් මිලියන 480ක් ලබා ගැනීම සඳහා වන ගිවිසුම අත්සන් තැබීමට ගනුලැබූ අමාත්‍ය මණ්ඩල තීරණය සම්බන්ධව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ විසින් මුළුමනින්ම ජනතාව නොමග යවන ආකාරයේ සාවද්‍ය නිවේදනයක් නිකුත්කර ඇත.
මේ නිවේදනය නිකුත් කරමින් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ සඳහන් කරන්නේ ජනාධිපතිවරණයට තව ඇත්තේ සති දෙකක් වැනි කාලයක් බැවින් තීරණාත්මක මැතිවරණයකට දින ගණනක් තිබියදී විදෙස් රටක් සමග ආණ්ඩුව කඩිමුඩියේ ගිවිසුමකට එළඹිය යුතු නැති බවයි.
එවැනි ගිවිසුමක් ලංකා ආණ්ඩුව අත්සන් කරනවා නම් එය සිදුවිය යුත්තේ ජනාධිපතිවරණයෙන් පසුව බවත් සඳහන් කරන එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ එය රහස් ගිවිසුමක් බවයි.
පොළී නැති නිසා අවුලක් ?
ඩොලර් බිලියන ගණන් විදෙස් ණය ගෙන එයින්ද කොමිස් ගැසූ බවට පැහැදිළි චෝදනා ලබා ඇති රාජපක්ෂලාගේ ප්‍රෝඩාව තේරුම් ගන්න විපක්ෂ නායක මහින්ද රාජපක්ෂගේ මේ නිවේදනයත් හොඳ නිදසුනක් වෙයි. ඇමරිකානු පුරවැසියකු ජනාධිපතිවරණයට එවන රාජපක්ෂලා රහස් ගිවිසුමක් ගැන කියමින් ජනතාව අන්දන්න හැදුවත්, මේ ගිවිසුමේ කිසිඳු රහස්‍ය බවක් නොමැත.
මේ සම්බන්ධව නිවේදනයක් නිකුත් කරමින් මුදල් අමාත්‍යංශය සඳහන් කරන්නේ ඩොලර් මිලියන 480ක ප්‍රදානයක් වන මේ මුදල මුළුමනින් වැය කිරීමට නියමිතව ඇත්තේ කොළඹ ප්‍රදේශයේ රථ වාහන කළමනාකරණය, දිවයිනපුරා මාර්ග නිර්මාණය හා සංවර්ධනය සහ මුළු දිවයිනම ආවරණය වන පරිදි ඉඩම් පරිපාලන කටයුතු වැඩිදියුණු කිරීම යන ව්‍යාපෘති සඳහා බවයි.
එසේම මෙම ගිවිසුම අත්සන් කළ පසුව වුවද ශ්‍රී ලංකාවේ අවශ්‍යතා අනුව ව්‍යාපෘති සංශෝධනය කිරීමේ හැකියාව ශ්‍රී ලංකා රජය සතු බවත් ඇමෙරිකානු ජනතාවගෙන් මෙම ප්‍රදානය ලබාගන්නා 37 වන රට වන්නේ ශ්‍රී ලංකාව බවත් මුදල් අමාත්‍යංශය සඳහන් කරයි. මීට අදාළ ගිවිසුම කඩිනමින් අත්සන් කර වසර 2020 සිට ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බවත් මුදල් අමාත්‍යාංශය දන්වා සිටියි. ඒ අනුව මෙම ගිවිසුමේ ඇති විශේෂ රහසක් නොමැති අතර මෙය මුල්‍ය ප්‍රදානයක් වන නිසාම කිසිඳු ණය පොලී වාරිකයක් ගෙවීමට සිදුවන්නේද නැත.
ගෝඨාභයගේ අදහස මොකක්ද ?
මේ අතර දේශපාලන විචාරකයන් සඳහන් කරන්නේ රාජපක්ෂ කඳවුර තම දැඩි අන්තවාදීන් යොදවා MCC ව්‍යාපෘතිය ගැන අදහස් දක්වනු වෙනුවට පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ ඉදිරිපත්වී මේ සම්බන්ධව තම ස්ථාවරය දැක්විය යුතු බවය.
දැඩි අන්තවාදීන්ගේ උස් නමුත් බොල් හඬට තවදුරටත් මේ රටේ ජනතාව සවන් නොදෙන බව තෙරීගිය නිසාමදෝ ජනතාව ඇන්දීමේ බර කරට ගන්න මහින්ද කටයුතු කර ඇති බවත් හිස් ටින් බෙලෙක්ක සද්ද කරනු වෙනුවට මේ සහශ්‍ර අභියෝග ආයතනය දෙන ඩොලර් මිලියන 480 ව හැකි නම් ප්‍රතික්ෂේප කර පෙන්වන ලෙස දන්වන බවත් විචාරකයන් සඳහන් කරයි.

